නිදහස් පක්ෂයෙන් සාවද්‍ය වාර්තාවක් ගැන පැහැදිලි කිරීමක් | දිනමිණ

නිදහස් පක්ෂයෙන් සාවද්‍ය වාර්තාවක් ගැන පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා විදේශගත වී ඇති බැවින් ඔහු දිවයිනට පැමිණෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ප්‍රධාන ලේකම්වරයා ලෙස හිටපු මධ්‍යම පළාත් ආණ්ඩුකාර හිටපු ප්‍රධාන අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක මහතාව පත් කර ඇතැයි එම පක්‍ෂය නිවේදන කරයි. 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම පත් කිරීම සිදු කර ඇත.  
 
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යයන්හි පළවන ඇතැම් වාර්තා සාවද්‍ය බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩිදුරටත් අවධාරණය කරයි. 

නව අදහස දක්වන්න