පාසලට එක්ක යන ත්‍රී විල් මාමාගෙන් සිසුවියකට අතවර | දිනමිණ

පාසලට එක්ක යන ත්‍රී විල් මාමාගෙන් සිසුවියකට අතවර

දහතුන් හැවිරිදි බාල වයස්කාර සිසුවියක් නිත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කොට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් පාසල් සිසුවියන් ප්‍රවාහනය කරනු ලබන ත්‍රි රෝද රථ රියදුරෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට පියදිගම පදිංචි 11 හැවිරිදි දියණියකගේ පියෙකු වන 42හැවිරිදි ත්‍රි රෝද රථ රියදුරෙකි.

පොලිසිය පැවසුවේ සැකකරු ගාල්ල නගරයේ පාසල් කිහිපයකට සිසුවියන් ප්‍රවාහනය කරනු ලබන අතර ඉකුත් සිකුරාදා(3) දිනයේද සිරිත් පරිදි ඔහු සිසුවියන් තිදෙනෙකු ගාල්ල නගරයේ පාසල්වෙත රැගෙන පැමිණ දෙදෙනෙකු එක් පාසලකට දැමිමෙන් පසු අතවරයට පත් සිසුවිය ඇයගේ පාසල වෙත රැගෙන නොගොස් ඔහුගේ නිවස වෙත රැගෙන ගොස් ඇති බවය.

එසේ කැඳවාගෙන ගොස් ත්‍රි රෝද රථයෙන් බැස කාමරයට යන ලෙස පවසා ඇති නමුත් සිසුවිය එයට අකමැත්ත පල කර ඇත.එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ඇස් නොපෙනෙන මහලු කාන්තාවක් පමණි.පසුව සැකකරු ඇය ළඟට පැමිණ කලිසම පහත්කර ඇයට ලිංගේන්ද්‍රිය පෙන්වා ඇත.

එම අවස්ථාවේ සිසුවිය බියට පත්ව තමා පාසලට හෝ ගෙදරට එක්ක යන ලෙස පවසා ඇති අතර සැකකරු සිද්ධිය කිසිවෙකුට නොකියන ලෙස තර්ජනය කොට ඇය නැවත පාසල වෙත රැගෙන ගොස් ඇත.එහෙත් පසුව ඇය සිද්ධිය මවට පැවසිමෙන් පසු පොලිසියට පැමිණිලි කර තිබේ.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ මුලස්ථාන පොලිස් පරික්ෂක පුලස්ති සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා චෞද්රි,උප පොලිස් පරික්ෂකවරුන්වන නිහාල් මිගෙල්හේවා, පියසේන, කාන්තා සැරයන් හිමාලි (5122) යන මහත්ම මහත්මින් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ඊයේ ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

එස්.දීයගහගේ - දකුණු පළාත් සංචාරක

 

නව අදහස දක්වන්න