දවල්ට ජැන්ඩියට ඇදගෙන රැට ගෙවල් බිඳින කල්ලියක් කඩවත | දිනමිණ

දවල්ට ජැන්ඩියට ඇදගෙන රැට ගෙවල් බිඳින කල්ලියක් කඩවත

මාසයක පමණ කාලයක් පුරා සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව කඩවත පොලිස් බල ප්‍රදේශය ඇතුළු ප්‍රධාන නගර කීපයක නිවෙස් බිද රුපියල් ලක්ෂ හැත්තෑවකට අධික වටිනා භාණ්ඩ සොරාගත් මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහිවූ පුද්ගලයන් තිදෙනෙකු කඩවත පොලිසියේ අපරාධ විමර්ශන අංශය ඉකුත් පස් වනදා සිදුකළ වැටලීමකින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙම සංවිධානාත්මක කල්ලියේ සැකකරුවන් තිදෙනා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7ක් පොලිස් භාරයට ගෙන ඇති අතර මොවුන් සොරාගත් වටිනා භාණ්ඩ අඩුමිලට විකුණා මත්කුඩු පානය කර ඇත. ත්‍රීරෝද රථ දෙකක් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ස්මාර්ට් ජංගම දුරකථන රුපියල් ලක්ෂ හතක් වටිනා අත් ඔරලෝසුවක් ඇතුළු භාණ්ඩ ලක්ෂ හැත්තෑවකට අධික වටිනා කමින් යුතු භාණ්ඩ තොගයක් සැකකරුවන් ගෙන් ලබා ගත් තොරතුරු ඔස්සේ යමින් මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.

සොරකම් කිරීම රැකියාව කරගත් මෙම මංකෝල්ල කල්ලිය දහවල් කාලයේ හොදින් හැදපැලද නිවෙස් අසල සැරිසරමින් හිද රාත්‍රී කාලයේ එම නිවෙස් බිද වටිනා භාණ්ඩ සොරා ගෙන ඇත.

සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රධාන සැකකරුට වරෙන්තු 7ක් ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත. කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී හෙට්ටිආරච්චි මහතා ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් ප්‍රනාන්දු උප පොලිස් පරීක්ෂක අභිෂේක් කරුණාතිලක,පොලිස් සැරයන් 49998 බාලසූරිය පොලිස් කොස්තාපල් වරුන් වන 6645 සම්පත්76914 අසේල40423 ලැනරෝල් 94032 ජයවික්‍රම කාන්තා පොලිස් කොස්තාපල් 12175 චලනි යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

රාගම සමූහ - කේ.එස්.හැන්නදි

නව අදහස දක්වන්න