මහාචාර්ය වසන්ත අතුකෝරාළ
වසරකට වැඩි කාලයක් පිරිහෙමින් තිබූ රුපියලේ අගය පසුගිය මාස දෙකේ ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් තිබෙන බවත්, එය මෙරට ආර්ථිකයේ කිසියම් සුබවාදී හැරවුම් ලක්ෂ්‍යයක පෙරනිමිත්තක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (05) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
"මේ වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 4.5 %කින් ශක්තිමත් වී තිබෙනවා. මේ තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ මධ්‍යම බැංකුවෙන් ගත යුතුයි.
හැත්තෑව දශකයේ සිට මේ දක්වා ගෙවුණු කාලය ගතහොත් කිහිප අවස්ථාවකදී හැරෙන්නට රුපියල දිගින් දිගටම පහළ ගියා. මේ නිසා මෙරට උද්ධමනය සහ ණය බර ඉහළ ගියා. පසුගිය මාස දෙකේ ඩොලරයේ අගය රුපියල් 360 සිට රුපියල් 343.9ක් දක්වා පහත වැටී තිබෙනවා. මේ ආකාරයෙන් ඩොලරයේ අගය පහතට ගෙන ඒමට හැකි වීම මෙරට ආර්ථිකය කෙරෙහි යහපත් ආකාරයට බලපානවා.
පසුගිය කාලයේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යෑමත්, විදේශ ප්‍රේෂණ වැඩි වීමත් රුපියලේ අගය ශක්තිමත් වීම කෙරෙහි ඍජුව බලපා තිබෙනවා. මේ වන විට මධ්‍යම බැංකුවේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.7 සිට 2.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂික ණය මුදල ගැනීමට හැකියාව ලැබුණොත් රුපියලේ අගය තවත් ශක්තිමත් කර ගැනීමට අවකාශ සැලසෙනවා."
අසේල කුරුළුවංශ
නව අදහස දක්වන්න