නෝර්වේ ඇග්ඩර් විශ්වවිද්‍යාලයේ ‘සංවර්ධන අධ්‍යයන’ උපාධි පාඨමාලාව හදාරන ශිෂ්‍යයන් කණ්ඩායමක් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) අධ්‍යාපන චාරිකාවක නිරත වූහ.
විවිධ ප්‍රායෝගික සංවර්ධන ගැටලු මෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් දැනට පවත්නා අභියෝග පිළිබඳව ඉගෙනීම, සංචාරයේ අරමුණ වී තිබෙන අතර, හම්බන්තොට වරායේ විවිධ ක්‍රියාදාම මෙන්ම එහි උපාය මාර්ගික වටිනාකම, අනාගත සැලසුම්, වත්මන් සහ අනාගත ආයෝජන ව්‍යාපෘති පිළිබඳව උපාධි අපේක්ෂකයන්ව දැනුම්වත් කර තිබේ.
එමෙන්ම ඉංජිනේරු සහ තාක්ෂණ කළමනාකරණයේ කාර්යයන්, වරාය විසින් අනුගමනය කරන හරිත ක්‍රමවේද සහ හරිතාගාර වායු අවම කිරීමේ ක්‍රියාවලි, ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය, යටිතල පහසුකම්, කොළඹ වරාය සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දෙන දායකත්වය පිළිබඳව ද දළ විශ්ලේෂණයක් කළහ.
“හම්බන්තොට ජාත්‍යන්තර වරාය පිළිබඳ වර්තමාන තරුණ කැල අතර වැඩෙමින් පවතින වෘත්තිමය උනන්දුව අපගේ සතුටට කරුණක්. වරාය ක්‍රියාකාරකම්වලින් ඔබ්බට ගිය අපගේ සැලැස්ම සහ උපායමාර්ග ඔවුන්ට වටහා දීමට අප සැම විටම සූදානම්. වරායට යාබද මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය දක්වා විසිර ඇති නිෂ්පාදන සහ සැපයුම් දෙඅංශයේම කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම අපගේ එක් අරමුණක්. අධ්‍යාපන හා ප්‍රායෝගික දෘෂ්ටිකෝණයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය වැදගත් වන්නේ, එහි උපාය මාර්ගික පිහිටීම මෙන්ම ජාත‍්‍යන්තර රීතීන්ට අනුකූල සේවා සහ ක්‍රියාපටිපාටීන්, රටේ කර්මාන්ත අංශය සහ සමස්ත ආර්ථිකයේ දියුණුවට දෙන සහාය වැනි හේතු නිසයි.
වරායේ වර්ධනය, ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ සමීපව සම්බන්ධ වී ඇති අතර, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක්, හරිත පරිසරයක් සඳහා රුක් සිටුවීම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල ප්‍රදේශයේ අත්හළ රජයේ පාසලක් නැවත ගොඩනැඟීම, හම්බන්තොට මහරෝහලට අංග සම්පූර්ණ PCR පරීක්ෂණ මධ්‍යස්ථානයක් ලබා දීම, අපේක්ෂාවේ ගම්මානය පිහිටුවීම, අලි මිනිස් සාම අරමුදල ආරම්භ කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් දැනටමත් සිදු කර තිබෙනවා” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය.
21 වන සියවසේ සංවර්ධන තීරණාත්මක ගැටලු සහ සංස්කෘතිය, ගෝලීයකරණය, සංක්‍රමණය, ජාත්‍යන්තර සහ ජාතික බල ව්‍යුහයන්, ආර්ථික අවශ්‍යතා, සම්පත් පාලනය සහ කළමනාකරණය යන සංකීර්ණ අන්තර් සම්බන්ධතා ඇග්ඩර් විශ්ව විද්‍යාලයේ ගෝලීය සංවර්ධන අධ්‍යයන අංශයේ උපාධි වැඩසටහනේ අන්තර්ගත හැදෑරීම් වේ.
මහින්ද අලුත්ගෙදර
නව අදහස දක්වන්න