බොරු තොරතුරු දී සුබසාධන ප්‍රතිලාභ ගන්නා අයට වැඩ වරදී | දිනමිණ

බොරු තොරතුරු දී සුබසාධන ප්‍රතිලාභ ගන්නා අයට වැඩ වරදී

සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අසත්‍ය තොරතුරු දෙන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු රැස් කරන බවත් එලෙස අසත්‍ය තොරතුරු දී රජයෙන් දීමනා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

සමාජ සුබ සාධන දීමනා ගෙවන ලෙස මේ වනවිට සමස්ත අයැදුම්පත් ලක්ෂ 37ක් ලැබී තිබේ. මේ වනවිට සමාජ සුබ සාධනය සඳහා ලැබුණු අයදුම්පත් අතුරින් ලක්ෂ 2ක සංගණන කටයුතු අවසන් කර ඇති බව කියා සිටි ඒ මහතා එම අයදුම්පත් සම්බන්ධයෙන්ද තවදුරටත් සොයා බැලීම් කටයුතු සිදු කරන බවය.

කඩිනමින් අදාළ ප්‍රතිලාභ දීමට කටයුතු කරන බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මෙරට ජනතාව සුබසාධන දීමනා සඳහා සුදුසු ද නැද්ද යන්න සොයා බැලීමට සංගණන නිලධාරීන් නිවසට පැමිණෙන බවත් ඒ සඳහා පැමිණෙන නිලධාරීන්ට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටී.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න