Tuesday, මාර්තු 7, 2023 - 13:00
වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුර පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර ඇති වු ගැටුමකින් පොලිස් නිලධාරීන් 8 දෙනෙකු හා ප්‍රදේශවාසීන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
අත්තනයාල ප්‍රදේශයේ වැටලීමක් සදහා ගොස් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් එම මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් කිහිපදෙනෙකු පරීක්ෂා කිරීමට උත්සහ දරා ඇ.. ඊට විරෝධය දැක්වු එම පිරිස පොලිසිය සමග බහින් බස් වීමක් සිදුව ඇති බවත් ඉන් අනතුරව එය ගැටුමක් දක්වා දුරදිග ගිය බවත් පොලිසිය සදහන් කරයි.
සිද්ධියෙන් උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු, කොස්තාපල්වරුන් දෙදෙනෙකු හා සිවිල් ආරක්ෂක උපනියාමකවරුන් දෙදෙනෙකු තුවාල ලැබීය. ඔවුන් රෝහල් ගත කර ඇති අතර ගම්වාසීන් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බයි පොලිසිය පවසයි.
ගැටුමට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකය.
නව අදහස දක්වන්න