ශ්‍රී ලංකේය නම බැබලවූ නිරූපණ ශිල්පිනී සඳනි දිවයිනට | දිනමිණ

ශ්‍රී ලංකේය නම බැබලවූ නිරූපණ ශිල්පිනී සඳනි දිවයිනට

ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 29 වැනි ” ලෝක නිරූපණ ශිල්පිනී – 2023 ( Top Model Of The World – 2023 ) තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සදනි පීරිස් මෙනවිය අද(07) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
 
මෙම තරගාවලිය ඉකුත් පෙබරවාරි මස 20වැනිදා සිට මෙම මාර්තු මස 03වැනිදා දක්වා , ලෝකයේ රටවල් 42 ක නිරූපණ ශිල්පිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
 
22 හැවිරිදි සදනි පීරිස් මෙනවිය කොළඹ ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතනයක ” බැලේ ” නර්තන උපදේශිකාවකි.
 
ඇය මෙම ජයග්‍රහණ රැගෙන 03/07 දින උදෑසන 08.30 ට බහරේන් නුවර සිට ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
 

නව අදහස දක්වන්න