එක් අයෙකුට දිවි අහිමි කළ මාවනැල්ලේ රිය අනතුර | දිනමිණ

එක් අයෙකුට දිවි අහිමි කළ මාවනැල්ලේ රිය අනතුර

කොළඹ - නුවර මාර්ගයේ මාවනැල්ල, ගනේතැන්න ප්‍රදේශයේ වංගුවක් සහිත ස්ථානයකදී බස් රථ දෙකක් මුහුළුට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. 
 
අද (07) දහවල් සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇති බව පොලීසිය සදහන් කරයි. 
 
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ මීගමුවේ සිට මහනුවර බලා ධාවනයවූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට කොළඹ බලා ධාවනයවූ ලංගම බස් රථයකි.
 
රියදුරා විසින් තරගකාරීව හා ඉතාමත් අපරික්ෂාකාරීව ධාවනය කල ලංගම( මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙනින් තිබූ ) බස් රථයක් තවත් බස් රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී ඉදිරියෙන් පැමිනි පෞද්ගලික බස් රථයක( මිගමුව සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ ) මුහුණට මුහුණ ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තාවේ. 

නව අදහස දක්වන්න