Tuesday, මාර්තු 7, 2023 - 16:34
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ට ස්ව භාෂාවෙන් (සිංහල/ දෙමළ) විභාග සදහා පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් නීති විද්‍යාලයේ සිසුන් බත්තරමුල්ල පොල්දුව මං සන්ධියේ අද (07) පැවැත්වු උද්ඝෝෂණය අතර තුර එහි ගිය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සතියක් තුළ එම සිසුන්ගේ ගැටළු සදහා විසදුම් ලබා දෙන බව පැවසීය.
පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනයක් වු අද මෙම උද්ඝෝෂණය පාර්ලිමේන්තු මාර්ගය අසල පැවති අතර, අධිකරණ ඇමතිවරයා සමග උද්ඝෝෂණයට සහභාගි වු ශිෂ්‍ය සංගම් නියෝජිතයන් මහා මාර්ගයේ සිටම පැවැත් වු සාකච්ඡාවෙන් පසු විසිර යන බව නිවේදනය කළේය.
උද්ඝෝසණය පැවති ස්ථානයට පැමිණි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ,අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හා අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න යන මහත්වරුන් නීති අධ්‍යාපන සභාව ඇතුළු අදාළ පාර්ශව සමග සාකච්ඡා කර සතියක් තුළ අදාළ ගැටළු සදහා විසදුම් ලබා දෙන බව මෙහිදී පැවසීය.
අධිකරණ අමාත්‍යතුමා විසින් ලබා දුන් පොරොන්දුව මත තම උද්ඝෝෂණය අවසන් කරන බවත්, නීති විද්‍යාලයේ පැවැත්වෙන විභාග සඳහා ස්ව භාෂාවෙන් (සිංහල/ දෙමළ) පෙනී සිටීමට අවස්ථාව නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අසාධාරණයකට මෙන්ම මානසික වශයෙන් ද පීඩනයටක ලක් වී ඇති බවත්, ස්ව භාෂාවෙන් නීති විද්‍යාල විභාග සදහා පෙනී සිටීමට අවස්ථාව නොමැතිවීම හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවලින් නීතිඥ වෘත්තියට ප්‍රවේශවීමට අපේක්ෂාවෙන් සිටින සිසු සිසුවියන්ට දැඩි අසාධාරණයක් සිදු වන බවත් එම පිරිස සඳහන් කරන ලදී.
මේ පිළිබදව තමන් විසින් නීති අධ්‍යාපන සභාව කිහිප අවස්ථාවක දැනුවත් කළ අතර, ඔවුන් සමග තවදුරටත් සාකච්ඡා කරමින් සියලු පාර්ශ්වයන්ගේ එකගතාව අනුව සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
2013 වසරේද මෙවැනි ගැටළුවක් ඇති වු අවස්ථාවේ 2015 වසරේ තමන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට කටයුතු කළ බවත්, මෙම ගැටළුව විසදීමට ද මුලිකත්වය ගෙන කටයුතු කරන බවත්, අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය
නව අදහස දක්වන්න