රෝහින්ග්‍යා ජාතිකයෝ 12,000ක් අවතැන් වෙති
බංග්ලාදේශයේ ගිනිකොණ දෙසින් පිහිටි රෝහින්ග්‍යා සරණාගතයන් පදිංචිව සිටින කඳවුරක් ගිනිගෙන මුළුමනින්ම විනාශ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය ලොව විශාලතම සරණාගත කඳවුර ලෙස සැලකෙන අතර, මියන්මාරයේදී සිදුවන විවිධ හිංසාකාරී ක්‍රියාවන් හේතුවෙන් බංග්ලාදේශයට සංක්‍රමණය වූ රෝහින්ග්‍යා සරණාගතයන් මිලියනයකට වඩා එහි පදිංචිව සිටි බව වාර්තා වේ.
ගිනිගැනීමෙන් ජීවිත හානි වාර්තා නොවූවද, සරණාගතයන් 12,000කට උන්හිටි තැන් අහිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
සරණාගත කඳවුරේ ගෑස් සිලින්ඩරයක් පිපිරී ගිනි ගැනීමෙන් එය සෙසු සරණාගත කඳවුරේ නිවාස දෙදහසකට පැතිරී ගොස් ඇත. මෙය යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සෙවීමට වහාම විධිමත් පරික්ෂණයක් පැවැත්වෙන බව බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය.
නව අදහස දක්වන්න