පිලිපීන හා නවසීලන්ත මුහුදු සීමාවෙත් භූ කම්පන 2ක්
ඉන්දීය සාගරයේ නිකෝබාර් දූපත් සමූහය අසල ඊයේ අලුයම රිච්ටර් මාපකයේ 5.0ක අගයකින් යුතු භූ කම්පනයක් සිදුවී ඇතැයි වාර්තා වේ. මෑත කාලයේ ඉන්දියාවට ආසන්නයේ භූ කම්පනයක් සිදු වූ පළමු අවස්ථාව මෙය බව එරට මාධ්‍ය වාර්තා කළේය. භූ කම්පනයෙන් ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් වාර්තා නොවූ අතර, සුනාමි තත්ත්වයක අවදානමක් ද මතු නොවූ බව වැඩිදුරටත් වාර්තා වේ. මේ අතර පිලිපීනයට කිලෝමීටර් 88ක දුරින් මුහුදු සීමාවේ රිච්ටර් මාපකයේ 5.4ක අගයකින් යුතු භූ කම්පනයක් ද, නවසීලන්තයට කිලෝමීටර් 1785ක දුරකින් පිහිටි ඉන්වර්කාගිල් දූපත් සමුහය අසල රිච්ටර් මාපකයේ 5.8ක අගයක් ගත් භූ කම්පනයක් ද සිදුවී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
නව අදහස දක්වන්න