Tuesday, මාර්තු 7, 2023 - 01:00
දකුණුදිග පාකිස්තානයේ ඊයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 9 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ. තවත් පුද්ගලයන් 13 දෙනකු තුවාල ලබා ඇත. පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ දී මේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ ආරක්ෂක නිලධාරීන් ගමන් කරමින් තිබූ පොලිස් ට්‍රක් රථයකටය.
පැය විසිහතරක් ඇතුළත බලුකිස්තානයේ සිදුවූ දෙවැනි ප්‍රහාරය මෙය බවත්, එහි වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් බාරගෙන නැති බවත් පාකිස්තාන ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබේ. බලුකිස්තාන ප්‍රාන්ත රජය මේ ප්‍රහාරය හෙළා දකින බවට නිවේදනයක් ද නිකුත් කර තිබේ.
නව අදහස දක්වන්න