නේපාලයේ සිසු සිසුවියන්ට ඉන්දීය සංස්කෘතික සබඳතා කවුන්සිලයේ හා ලුම්බිණි බෞද්ධ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසමින් චෙන්නායි නුවර තාක්ෂණික විශ්වවිද්‍යාලය වන අයිඅයිටී මදුරාසි විශ්වවිද්‍යාලය සහ නේපාලයේ කත්මණ්ඩු නුවර විශ්වවිද්‍යාලය අතර ඒකාබද්ධ උපාධි වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
දෙපාර්ශ්වය අතර සියවස් ගණනාවක් පුරා විහිදුණු ආගමික, සංස්කෘතික හා සමාජ- ආර්ථික සබඳතා වැඩිදුරටත් බෙදා හදා ගැනීම සඳහා මේ පියවර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් පසුගියදා ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වට්‍රා නේපාලයේ දෙදින සංචාරයක ද නිරත වූ අතර, පසුගියදා නේපාලයේ නව අගමැතිවරයා ලෙස පත්වූ පුෂ්ප කමල් දාහල්ගේ ඇරියුමක් මත එම සංචාරය සිදු කළ බව වැඩිදුරටත් වාර්තා වේ. පුෂ්ප කමල් දාහල් අගමැති ධුරයට පත්වීමෙන් පසු පළමු විදෙස් සංචාරය ඉන්දියාවේ සිදුකරන බව තහවුරු කර ඇති අතර, එම සංචාරය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.
නව අදහස දක්වන්න