තාර සහ තාර ආශ්‍රිත නිෂ්පාදන මෙරට නිපදවා බෙදාහැරීමට අමතරව වැඩි වශයෙන් ඩොලර් උපයා ගැනීමේ අරමුණින් අසල්වැසි ඉන්දියාවේ කර්මාන්තශාලා ආරම්භ කොට ඒවා එරටෙහි බෙදාහැරීමට ශ්‍රී ලාංකික නිෂ්පාදන සමාගමක් කටයුතු කොට ඇත.
ඒ අනුව දැනට ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ බෙල්ගම් නගරය ආශ්‍රිතව තාර හා තාර ආශ්‍රිත නිෂ්පාදිත කර්මාන්ත ශාලාවක් ආරම්භ කොට එහි නිෂ්පාදන එම ප්‍රාන්තය පුරා බෙදාහැරීමට කටයුතු කොට තිබේ. එම නිෂ්පාදන එම ප්‍රාන්තයේ මාර්ග ඉදිකරන්නන් අතර ඉතා ජනප්‍රිය වී ඇත.
මෙලෙස එරට ජනප්‍රිය වී ඇති සමාගම ඉදිරියේදී තමිල්නාඩු ප්‍රාන්තයේ ස්ථාන දෙකකදී අලුතින් කර්මාන්තශාලා ආරම්භ කිරීමට දැනටමත් මූලික පියවර ගෙන තිබෙන බව එම පුද්ගලික සමාගමේ සභාපති දේශමාන්‍ය උපේන්ද්‍ර මහේෂ් විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
ඉදිරියේදී තමිල්නාඩු ප්‍රාන්තයේ ස්ථාන දෙකකදී ආරම්භ කිරීමට යෝජිත මෙම කර්මාන්ත ශාලා සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකාවෙන් රැගෙන යන අතර, ඉන්දීය ව්‍යාපාරිකයින් සමඟ හවුල් ව්‍යාපාරයක් ලෙස වැඩි දියුණු කිරීමට ද කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්තයක් මෙරටින් පිට කර්මාන්තශාලා පිහිටුවා තම නිපැයුම්වල වෙළෙඳපොළ පුළුල් කර ගැනීමට කටයුතු කිරීම සහ මෙරට කර්මාන්ත දිග්විජය කිරීමක් ලෙස සඳහන් කළ හැකි මෙම කාර්යය ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉමහත් පිටුබලයක් ලබාදීමක් ද වෙයි.
මෙරට ප්‍රමුඛතම තාර සහ තාර ආශ්‍රිත නිෂ්පාදන බෙදාහරින ගිරිඋල්ල පරණගම පිහිටි සීමාසහිත බිටුලින්ක් ඉමල්ෂන් පුද්ගලික සමාගම විදේශ විනිමය මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීම අරමුණු කර ගනිමින් මෙසේ සිය කර්මාන්ත කටයුතු ජාතික මට්ටම අභිභවා ජාත්‍යන්තර තලයට රැගෙන යාමට කටයුතු කළ බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ජයසිරි මුණසිංහ
නව අදහස දක්වන්න