ලෝක කාන්තා දිනය අදයි | දිනමිණ

ලෝක කාන්තා දිනය අදයි

ජයසිරි මුණසිංහ

ප්‍රධාන සැමරුම් උලෙළ ජනපති ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී

ලෝක කාන්තා දිනය අද (08) යි.

“ඇය දැයේ අභිමානයයි” යන්න තේමා කර ගනිමින් මෙවර කාන්තා දින ප්‍රධාන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී අද (08) පෙරවරු 10ට පැවැත්වේ.

ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ අභිමානය සහ ප්‍රෞඪත්වය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළට ඔසවා තැබීමට දායක වූ කාන්තාවන් සිවුදෙනකුට අද (08) මෙම උත්සවයේදී ප්‍රණාමය පුද කරනු ලැබේ.

ඒ අනුව ආචාර්ය සුජාතා අත්තනායක, කලාසූරී ශ්‍රියානි අමරසේන, අනුලා ද සිල්වා, රශ්මි නිමේෂා ගුණවර්ධන මහත්මීහු මෙහිදී ප්‍රණාමයට පාත්‍ර වේ.

මෙම සැමරුම් උත්සවය රජයේ මුදල් සත පහක් වියදම් නොකර එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ඇතුළු විවිධ බාහිර පාර්ශ්වයන්ගේ පූර්ව දායකත්වයෙන් පැවැත්වෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

දිස්ත්‍රික්ක මට්ටමින් හොඳම ව්‍යවසායක කාන්තාවන් බවට පත් වූ 25 දෙනකු තෝරා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමට ද කටයුතු යොදා තිබෙන බවත් ඇය කීවාය.

 

නව අදහස දක්වන්න