කිරිබත්ගොඩ ගෙදරක හොරට ලියාපදිංචි කළ සුපිරි රියක් | දිනමිණ

කිරිබත්ගොඩ ගෙදරක හොරට ලියාපදිංචි කළ සුපිරි රියක්

මෝටර් රථ ලියා පදිංචි දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත වෙනස්කර ලියාපදිංචි කළ බවට සැක කරන මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් කිරිබත්ගොඩ නිවසක තිබිය දී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.

එම සුඛෝපභෝගී ජීප් රථයේ කොටස් මෙරටට ආනයනය කර එකලස් කරන ලද හෝ සොරකම් කර ඇති බවට සැක කරන රථයකට අදාළව කූට ලේඛන සකසා ලියාපදිංචි කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

නිවසේ සිටි පුද්ගලයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම සුඛෝපභෝගී ජීප් රථය මීට වසර දෙකකට පමණ ඉහත දී හෝමාගම ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 65ක මුදලකට මිලදී ගත් බවට ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. ජීප් රථය මිලදී ගත් පුද්ගලයා පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට නියමිත යැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අදාළ සුඛෝපභෝගී ජීප් රථය කිරිබත්ගොඩ පොලීසිය වෙත භාර දී ඇත.

 

බණ්ඩාරගම බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න