නිවැසියන් නැති අතර නි‍ෙවසම සුද්ද කළ දෙදෙනා මාට්ටු | දිනමිණ

නිවැසියන් නැති අතර නි‍ෙවසම සුද්ද කළ දෙදෙනා මාට්ටු

වේයන්ගොඩ, බැවන්වත්ත ප්‍රදේශයේ නි‍ෙවසක නිවැසියන් බැහැරව ගොස් සිටි අවස්ථාවේදී එම නි‍ෙවසේ භාණ්ඩ සොරා ගත් සැකකරුවන් දෙදෙනකු නුන්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 18ත්, 24ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකි. දින කිහිපයකට නිවැසියන් නි‍ෙවසෙන් බැහැරව ගොස් සිටි අවස්ථාවේ එම නි‍ෙවසට මීටර් පනහක් පමණ දුරින් පදිංචිව සිටින මෙම සැකකරුවන් එම නි‍ෙවසෙහි විද්‍යුත් උපකරණ ඇතුළු ලක්ෂ ගණනක් වටිනා භාණ්ඩ රැසක් සොරා ගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

දින කිහිපයකට පසුව නිවැසියන් නි‍ෙවසට පැමිණ ඇති අතර එහිදී ඔවුනට දක්නට ලැබී ඇත්තේ නිවෙසේ භාණ්ඩ කිසිවක් නොමැති බවයි.

පසුව මේ පිළිබඳව නුංගමුව පොලිසියට පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් විමර්ශනය සිදු කර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් සොරාගන්නා ලද රූපවාහිනී යන්ත්‍රයක්, පාපැදියක්, වතුර මෝටරයක්, කාය වර්ධන උපකරණයක්, රෙදි සෝදන යන්ත්‍රයක් ඇතුළු භාණ්ඩ රැසක් ද සැකකරුවන්ගේ නිවෙස්වල තිබියදී පොලිසිය විසින් සොයා ගැනිණි.

 

 

කොටදෙණියාව සමූහ - එම්.පී. කුමාර

නව අදහස දක්වන්න