කවාජා-ග්‍රීන්ගෙන් ශතක | දිනමිණ

කවාජා-ග්‍රීන්ගෙන් ශතක

උස්මාන් කවාජා සහ කැමරන් ග්‍රීන් වාර්තා කළ ශතක හේතුවෙන් ඉන්දීය කණ්ඩායම සමඟ අහ­්මදාබාද්හිදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 480ක් රැස් කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඊයේ දෙවැනි දිනයට තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව කිසිවකු නොදැවී ලකුණු 36ක් රැස් කර තිබිණි.

ඊයේ පළමු දිනයේ නොදැවී සිටි කවාජා (104) සහ ග්‍රීන් (49) සිය සබඳතාව ද්විත්ව ශතකයක් කරා ගෙන ගිය අතර, සිය මංගල ටෙස්ට් ශතකය රැස් කළ ග්‍රීන් දැවීයෑමෙන් එම සබඳතාව නිමා විය. පන්දු 170කට මුහුණ දුන් ඔහු හතරේ පහර 18ක් සමඟින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 114කි. මුළු ලකුණු 409 දී ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස කවාජා දැවී ගියේ ලකුණු 180ක් රැස් කර සිටියදීය. පන්දු 422කින් ගොඩනැඟුණු ඔහුගේ ඉනිම හතරේ පහර 21කින් සවිමත් විය.

නේදන් ලයන් ලකුණු 34ක් සහ ටොඩ් මර්ෆි ලකුණු 41ක් ඉනිමට එක් කළ අතර, පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 6ක් දවා ගත්තේය.

අද තරගයේ තෙවැනි දිනයයි.

 

නව අදහස දක්වන්න