ආනන්ද-නාලන්දා එක්දින ගැටුම හෙට | දිනමිණ

ආනන්ද-නාලන්දා එක්දින ගැටුම හෙට

 

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර ‘සුලෝහිත සංග්‍රාමය’ ක්‍රිකට් තරගයට සමගාමීව පැවැත්වෙන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය හෙට (12) එස්එස්සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ආචාර්ය පී. ද එස්. කුලරත්න අභියෝගතා කුසලානය සඳහා මේ තරගය පැවැත්වෙන්නේ 46 වැනි වරටය.

ආනන්ද විදුහල් පිල දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක නෙත්ම සරමවීරගේ නායකත්වයෙන් තරගයට එක් වන අතර, දකුණත් පිතිකරු චනුල් අතුකෝරල නාලන්දා පිලේ නායකයා ලෙස කටයුතු කරයි.

මෙතෙක් පැවති තරග 45 අතුරින් ජයග්‍රහණ 26ක් සමඟින් මේ තරගයේ වැඩි ගෞරව අත්කර ගැනීම ආනන්ද විදුහල සමත්ව ඇති අතර, නාලන්දා විදුහල ජය ගෙන ඇත්තේ තරග 15ක් පමණි. තරග 4ක් විසඳුමකින් තොරව නිමා වී තිබේ.

මෙවර එක්දින තරගය පැවැත්වෙන්නේ වසර 3කට පසුව වන අතර, අවසන් වරට 2019දී පැවති තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 16කින් ජය ගැනීමට නාලන්දා ක්‍රීඩකයෝ සමත් වූහ.

පිට පිට තෙවරක් ජයගෙන සිටින නාලන්දා පිල කුසලානය රැක ගැනීමේ අරමුණින් හෙට පිටියට පිවිසෙන අතර, 2016 වසරට පසු යළි කුසලානය දිනා ගැනීම ආනන්ද විදුහල් ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තුව වී තිබේ.

ආනන්ද විදුහල් සංචිතය: නෙත්ම සමරවීර (නායක), ඉරුත් ගිම්ෂාන් (උප නායක), ඉසුරු වීරසූරිය, විදුන විජේබණ්ඩාර, පවන් රාජපක්ෂ, කවීෂ මෙන්ඩිස්, අයේෂ් ශෂිමාල්, විලාෂ් කරුණාරත්න, කෙනුල් ද සොයිසා, යසඳු කිරිඇල්ල, කාංචන ද ලිවේරා, මලීෂ පෙරේරා, සචින් ජයසිංහ, නෙතුල එදිරිමාන්න, කිත්ම සිත්මාල්, අශිංෂ දේෂාන්, මිහින් මුණසිංහ, සනිතු හෙට්ටිආරච්චි, පුලිඳු කිරිඇල්ල, යෙහාන් ගුණසිංහ රුවිෂාන් පෙරේරා, තිසුක සෙහස්, දිනද සෙනරත්.

නාලන්දා විදුහල් සංචිතය: චනුල් අතුකෝරල (නායක), සජිත විතානගේ (උප නායක), රුසිරු විලෝචන, ඔසඳ පමුදිත, තිසර දෙව්දුනු, කුෂ්මිත සිල්වා, යසිරු සමරකෝන්, සදෙව් සමරසිංහ, රිසාත් ජයරත්න, සෙනේෂ් විජේසිංහ, ආකේෂ් මනෝරත්න, එරංග ජයකොඩි, මිනෝද් කල්දේරා, ජනුල ඉඳුසර, තිමත් හේරත්, සත්මිණ සේරසිංහ.

 

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න