චීනයට නව අගමැතිවරයෙක් | දිනමිණ

චීනයට නව අගමැතිවරයෙක්

චීනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස “ලී චං” තෝරා පත් කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
ඔහුගේ නම යෝජනා කර ඇත්තේ, ජනාධිපති ෂී ජින් පිං විසිනි. ඒ අනුව එරට පාර්ලිමේන්තුව, නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුව තෝරා ගෙන ඇත. 
 
63 හැවිරිදි “ලී චං”, චීනයේ විශාලතම නගරය වන ෂැංහයි හි හිටපු කොමියුනිස්ට් පක්ෂ නායකයාවේ. චීන ජනාධිපති ෂී ජින් පිං ගේ සමීපතම දේශපාලන සඟයෙකු වන “ලී චං” හට එරට ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් 2,936 දෙනෙකුගේ මනාපය හිමි වූ බව චීන මාධ්‍ය වාර්තා කර ඇත.
 

නව අදහස දක්වන්න