එක්සත් අරාබි එමීර් රාජ්‍යය නැගෙනහිර මුහුදේ කඩොලාන වවයි | දිනමිණ

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නැගෙනහිර මුහුදේ කඩොලාන වවයි

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති  Khaled Masser Sulaiman Al Ameri මහතා අතර විශේෂ හමුවක් ඊයේ(13) ෙ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
 
මෙම හමුවේදී විශේෂ අවධානය යොමු වූයේ නැගෙනහිර පළාතේ නව ආයෝජන අවස්ථා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ට හඳුන්වාදීම සඳහා ස්ථිර වැඩෙපිලිවෙලක් සකස් කිරීම පිලිබඳව‍ෙ.
 
ශ්‍රීලංකා වාණිජ මණ්ඩලයේ ශාකාවක් එරට ශ්‍රීලංකා තානාපති කාර්යාලය හරහා ස්ථාපිත කර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකසන ලෙසද තානාපතිවරයා ඉල්ලා සිටියේය.
 
සංචාරක සහ කාබනික කෘෂිකර්මය යන ක්ෂේත්‍ර සඳහා  ප්‍රමුඛතාවය ලැබෙන අයුරින් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූහ.
 
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක කලාප වල නව ප්‍රචාරණ වැඩපිලිවෙලවල් දියත් කරන ලෙසද තානාපතිවරයා මෙහිදී ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලීමක් කළේය.
 
ඒ පිලිබඳව ඉතා කඩිනමින් රජය දැනුවත් කිරීමට කටයුතු කරන බව ආණ්ඩුකාරවරිය එහිදී කියා සිටියාය.
 
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2030 වසර වන විට එරට සහ ලෝකයේ බොහෝ වටිනා මුහුදු කලාප වල කඩොලාන පැල  මිලියන 10ක් වගා කිරීම සදහා විශේෂ වැඩසටහනක් මේ වසරේ ආරම්බ කල අතර එම වැඩසටහනට  නැගෙනහිර පළාතේ මුහුදු තිරය ඇතුලත් කර ගන්නා බවද තානාපතිවරයා   මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළේය.
 
ත්‍රිකුණාමල සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයන් ගේ අවශ්‍යතාවයන් සදහා සුපිරි වෙළද සංකීරණයක් සහ අධි සුකොපබෝගී හෝටල් සංකීරණයක අවශ්‍යතාවය ඇති බැවින් ඒ සදහා ආයෝජකයෙකු සම්බන්ධ කරදෙන ලෙස ද  ආණ්ඩුකාරවරිය මෙහෙදී ඉල්ලීමක් කලාය.
 
හමුව අවසානයේ  තානාපතිවරයා හා ආණ්ඩුකාරවරිය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුවූහ.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්.රත්නායක, වැඩබලන ආණ්ඩුකාර සහකාර ලේකම් ඒ.ජී.දේවේන්ද්‍රන්, මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න