මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍ය උලෙළ අද-හෙට බදුල්ලේදී | දිනමිණ

මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍ය උලෙළ අද-හෙට බදුල්ලේදී

 

ප්‍රවීණ ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහ සූරීන් වෙතින් සිංහල සාහිත්‍යයට සිදු වූ අනූපමේය සේවාව අගයමින් මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය, ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය හා එක්ව මෙහෙයවන මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍ය සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශන උලෙළ අද (15) සහ හෙට (16) බදුල්ල ඌව පළාත් පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙම දෙදින පුරා මාර්ටින් වික්‍රමසිංහ ඡායාරූප හා පොත් ප්‍රදර්ශන, සාහිත්‍ය රසවින්දන දේශන, කෙටි චිත්‍රපට ප්‍රදර්ශන ඇතුළු වැඩසටහන් රැසක් සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් ප්‍රවීණ සාහිත්‍යවේදී දයාපාල ජයනෙත්ති, ප්‍රවීණ රංගධර සනත් ගුණතිලක, ප්‍රවීණ ලේඛක සමුද්‍ර වෙත්තසිංහ යන මහත්වරු මෙම උලෙළේ ප්‍රධාන සාහිත්‍ය දේශන සිදුකරන අතර ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ අසිත සඳරුවන් ජයසූරිය මහතාගේ උපදෙස් මත ඌව පළාත් පුස්තකාලයාධිපති ආර්. එම්. නිලන්ත රත්නායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම සාහිත්‍ය උලෙළ සංවිධානය කරනු ලබයි.

හාලිඇල සමූහ ආර්. එම්. විජේරත්න

නව අදහස දක්වන්න