වයඹත් ප්‍රශ්නපත්‍ර පිට වෙලා කෝටි 8ක් වතුරේ | දිනමිණ

වයඹත් ප්‍රශ්නපත්‍ර පිට වෙලා කෝටි 8ක් වතුරේ

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිටින සිසුන් සඳහා පෙරේදා (13) පැවැත්වූ විභාගයට අදාළ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ගණිතය ප්‍රශ්න පත්‍රය උපකාරක පන්ති හරහා සිසුන් අතට පත්ව ඇතැයි මාපියන් පිරිසක් චෝදනා කරති.

පාසැල් කිහිපයක මාපියන් පිරිසක් චෝදනා කරමින් පැවසූයේ පෙරේදා එම ප්‍රශ්න පත්‍රය බෙදාහැරීමෙන් අනතුරුව ප්‍රසිද්ධ පාසලක සිසුවකු අත එම ප්‍රශ්න පත්‍රයට අදාළ කලින් ලියන ලද පිළිතුරු පත්‍රයක් සඟවා‍ෙගන පිළිතුරු සපයමින් සිටිය දී විභාග පරීක්ෂකවරයෙකුට නිරීක්‍ෂණයවීමෙන් පසුව ඒ පිළිබඳව අනාවරණය වී ඇතැයි එම දෙමාපියන් පැවසූහ. එහි දී සිසුවාගෙන් කර තිබූ ප්‍රශ්න කිරීම් හමුවේ සැලකිය යුතු කරුණු රැසක් අනාවරණය වී ඇති බවත් එහි දී එම සිසුවාට තවත් ප්‍රසිද්ධ පාසලක සිසුවියක් එම ප්‍රශ්න පත්‍රය ලබා දී තිබූ බව ද දැනගත් බව එම මාපියන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගිරිඋල්ල කලාපයට අදාළ අධ්‍යාපන බලධරයකු විසින් පවත්වාගෙන යනු ලබන කණ්ඩායම් පන්තියක දී අදාළ ප්‍රශ්න පත්‍රය මුල සිට සාකච්ඡාකොට තිබූ බවත් එම සිසුවාට ප්‍රශ්න පත්‍රය ලබා දුන් දැරිය ද එම කණ්ඩායම් පන්තියේ සාමාජිකාවක බවත් තමන්ට වාර්තා වී ඇතැයි ද චෝදනා කරන මාපියන් අහිංසක මහජනතාවගේ රුපියල් කෝටි අටක පමන මුදලක් මුදල් වැය කරමින් එම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කොට ඉන් එක් එක් චරිත උලුප්පවාලීමට භාවිත කර තිබීම සම්බන්ධව පුළුල් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව ද පැවසීය.

 

කුලියාපිටිය මෙවිරු ධනාන්

නව අදහස දක්වන්න