එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට ඉන්දීය විරෝධී පෝස්ටර් | දිනමිණ

එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට ඉන්දීය විරෝධී පෝස්ටර්

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන ගොඩනැගිල්ල ඉදිරිපිට ඉන්දීය විරෝධී පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමේ සිදුවීමක් හේතුවෙන් ඉන්දියාවේ ස්විට්සර්ලන්ත තානාපති රැල්ෆ් හෙක්නර් කැඳවා ඒ පිළිබඳ විමසීමට විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගත් බව වාර්තා වේ.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇති එම ඉන්දීය විරෝධී පෝස්ටර්වල ද්වේෂසහගත හා පදනම් විරහිත ප්‍රකාශ සටහන් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. අදාළ පෝස්ටර් මගින් ප්‍රකාශ වන සටහන් ස්විට්සර්ලන්ත රජයේ ස්ථාවරය පිළිබිඹු නොකරන බවත්, එය ඉන්දීය සිසුවකු විසින් නීතිවිරෝධී අයුරින් සිදු කළ ප්‍රදර්ශනයක් බවත් ඉන්දීය විදේශ ලේකම්වරයාට දැනුම්දී ඇත. එමෙන්ම මේ පිළිබඳ ඉන්දියාවේ අවධානය යොමු වී ඇතැයි ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන බව ද තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් කාර්යාලය සහ සෙසු ජාත්‍යන්තර සංවිධාන මූල්ස්ථාන පිහිටි ජිනීවා නුවර එවැනි පෝස්ටර් ප්‍රදර්ශනය හෝ ප්‍රචාරය නීතිරෝධී ක්‍රියාවකි.

නව අදහස දක්වන්න