බූරු මූණාට විදෙස් ගමන් තහනමක් | දිනමිණ

බූරු මූණාට විදෙස් ගමන් තහනමක්

රවිඳු සංඛ ද සිල්වා නොහොත් බූරු මූණාට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. 
 
අවිස්සාවේල්ල මහාධිකරණය විසින් අදාළ තහනම පනවා ඇත. බස්නාහිර පළාත් දකුණ දිසාව විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
 
හංවැල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.
 
සැකකරු විදේශගතවීමට උත්සාහ ගැනීමේදී කටුනායක ගුවන්තොටුපොළ පොලිස් භාරයට පත්කර තිබියදී සැකකරු සූක්ෂම ලෙස හිමිවරුන් දෙදෙනෙකුගේ උපකාරය ඇතිව ඉන් පැනගොස් තිබුණි.
 
මොහු මනුෂ්‍ය ඝාතන රැසක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවට ද වාර්තා වේ. 
 

නව අදහස දක්වන්න