පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය
පසුගිය ආණ්ඩුව රසායනික පොහොර තහනම් කිරීමෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයටත්, වැවිලි කර්මාන්තයටත් සිදු වූ හානිය රුපියල් කෝටි 24,000ක් බවට ආර්ථික විශේෂඥයකු ගණනය කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවැසූවේ සමඟි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
"හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වර්තමාන පොදුජන පෙරමුණු ආණ්ඩුව එකතු වෙලා පොහොර තහනම් කළා. එයින් මේ රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයටත්, වැවිලි කර්මාන්තයටත් සිදු වූ හානිය පසුගිය දවස්වල ආර්ථික විශේෂඥයකු ගණනය කර තියෙනවා. එම හානිය රුපියල් කෝටි 24,000ක සමස්ත පාඩුවක්. එම නිසා කුඩා තේ වතු හිමියන් මේ වන විටත් ඉතා අසීරු තත්ත්වයට පත් වෙලා."
රක්ෂණ ශ්‍රියන්ත
නව අදහස දක්වන්න