ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන තරගයටත් වර්ෂාවෙන් බාධා | දිනමිණ

ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන තරගයටත් වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ. 
 
වෙලින්ටන් හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින් පන්දු රැකීමට තීරණය කළේය. 
 
තරඟ ආරම්භයට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ලවුණි.
 
ඒ අනුව දිවා ආහාරය වන තුරුම තරඟය ආරම්භ කිරීමට අවස්ථාවක් නොලැබුණි. කාසියේ වාසිය පවා උරගා බැලුවේ නවසීලන්ත වේලාවෙන් සවස 1. 40 ටය. 
 
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට එක්වන්නේ ප්‍රධාන වෙනසක් සමඟිනි. ඒ අනුව කඬුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමෙන් ඉවත් කර තිබේ. ඒ වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත්තේ 23 හැවිරිදි නවක පිතිකරු නිශාන් මධුෂ්කයි. මෙය ඔහුගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟය වේ.

නව අදහස දක්වන්න