කංචන ජයරත්නගේ මෑණියන්ගේ අවසන් කටයුතු අද | දිනමිණ

කංචන ජයරත්නගේ මෑණියන්ගේ අවසන් කටයුතු අද

සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාගේ ආදරණීය මෑණියන් වන ඩබ්ලිවි.ඒ.බී ජයරත්න මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට 84 වැනි වියේ පසු වූ ජයරත්න මහත්මිය දරුවන් දෙදෙනකුගේ ආදරණීය මවක් වන අතර වත්මන් ආණ්ඩුවේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගේ නැන්දණිය ද වෙයි.

ඒ මහත්මියගේ දේහය මේ වනවිට ජයරත්න, මැල්ලවගෙදර, දිවුලපිටිය ලිපිනයේ පිහිටි නිවෙසේ තැන්පත් කර තිබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු මැල්ලවගෙදර පොදු සුසාන භූමියේ දී අද (17) පස්වරු 4.00 සිදුකිරීමට නියමිතයි.

නව අදහස දක්වන්න