ශ්‍රී පාද හැටන් මාර්ගයේ වෙළෙදසැල්වල කිරි ආශ්‍රිත ආහාරවල සම්පල් ගනියි | දිනමිණ

ශ්‍රී පාද හැටන් මාර්ගයේ වෙළෙදසැල්වල කිරි ආශ්‍රිත ආහාරවල සම්පල් ගනියි

ශ්‍රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ගගුලතැන්න දක්වා පිහිටි වෙලදසැල සංචාරක හෝටල් වල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාර ද්‍රව්‍ය වල සාම්පල් ලබා ගැනිම අද(17) සිදු කෙරුණි.
 
මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් එම කටයුතු සිදු කළේය.
 
රත්නපුර එරත්න ශ්‍රි පාද මාර්ගයේ ලිස්ටිරියා රෝගියෙකු බවට සැකකරන පුද්ගලයෙකු හමුවිමත් සමග රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පවත්වනු ලබන පරික්ෂණයකට යොමු කිරිම සදහා නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ වෙලදසැල් සහ සංචාරක හෝටල්වල කිරි ආශ්‍රිත නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය වල සාම්පල් ලබාගත් බවයි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.බාස්කරන් මහතා පැවසීය. 
 
අද දින ලබා ගත් කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය සාම්පල් අද දිනම රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පරික්ෂණ කටයුතු සදහා යොමු කෙරේ.
 
දැනට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන , පානිය ජලය වෙලදසැල්වලින් ලබා දිම සම්බන්ධයෙන් තම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අධික්ෂණය කරන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
 
ශ්‍රි පාද වන්දනා සමයේදි නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල යටතේ පාලනය වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වලින් සතියකට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පස්දෙනෙකු බැගින් අනුයුක්ත කලද එම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මසකට ලබාදෙන අතිකාල දිමනා පැය 100 ක් කප්පාදු කිරිම හේතුවෙන් දැනට මාසයක පමණ කාලයක සිට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම සේවා කටයුතු වලින් ඉවත් වි සිටියි.
 
පවත්නා තත්ත්වය මත හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන්ගේ ආහාර පාන , පානිය ජලය ඇතුළු සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් සොයා බැලිමට නල්ලතන්නියේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පමණක් සේවයේ යෙදි සිටින බවත්, එම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට පමණක් එම කාර්ය සම්පුර්ණයෙන්ම ආවරණය කිරිමට නොහැකි විමේ තත්ත්වයක් උද්ගත වි ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ උසස් නිලධාරියෙකු කියා සිටියේය.
 
මේ අතර මේ රෝගියා හමුවිම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් තොරතුරු අනාවරණය විමත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද කරුණා කිරිමට පැමිණෙන වන්දනාකරුවන්ගේ අඩුවක් ඇති බවත්, හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු ආහාර පාන ලබාදිමට පියවර ගෙන ඇති බව නල්ලතන්නියේ සංචාරක හෝටල් හිමියන් කියා සිටියේය.

නව අදහස දක්වන්න