Friday, මාර්තු 17, 2023 - 15:30
කටුනායන ගුවන් තොටුපළ පොලිසිය භාරයේ සිටිය දී පලා ගිය මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා‘ අවිස්සාවෙල්ල අධිකරණයට භාර වීමට පැමිණෙන අතරතුර දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අවිස්සාවේල්ල ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.
ඉකුත් පෙබරවාරි 24 වැනිදා රහසිගත ව විදේශගත වීමට උත්සාහ කිරීමේ දී කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන නිලධාරීන් මොහුව අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපල පොලිසිය වෙත භාරදී තිබූ අතර සැකකරු ඉන් සූක්ෂම ලෙස හිමිවරුන් දෙදෙනෙකුගේ උපකාරය ඇතිව ඉන් පළාගොස් තිබුනි.
අවිස්සාවේල්ල මහාධිකරණය විසින් සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.
නව අදහස දක්වන්න