අද දවස | දිනමිණ

අද දවස

රාහු කාලය
උදේ 10.48 – 12.20 දක්වා
රාත්‍රී 10.49 – 12.19 දක්වා
දිව්‍යමය සුබ මුහූර්ත
ගමන් යාමට
උදේ 06.14ට උතුර බලා
උදේ 07.13ට උතුර බලා
ලොතරැයි මිලදී ගැනීමට
උදේ 07.32ට උතුර බලා
උදේ 09.11ට උතුර බලා
පැළ සිටුවීමට
උදේ 07.21ට උතුර බලා
සවස 04.52ට උතුර බලා

මේෂ 
අධ්‍යාපනයට පිටරට යයි

විදෙස් ගමන් සපල වේ. දුරස් වූ මිතුරකු යළි තම ඇසුරට පත් වේ. ව්‍යාපාර පල ඇති වේ. ඉගෙනුමට විදෙස් රටකට යාමට පවා වාසනාව ඇත. සිය ආගමික කටයුතුවලට මුල්තැන දෙන්න.

වෘෂභ 
තම චරිතය බැබළේ

ඉතා විශිෂ්ට ලෙස ආර්ථික යහපත උදාවේ. රාජ්‍ය අනුග්‍රහය පවා තම කටයුතු සඳහා ලැබෙනු ඇත. නව ආයෝජන හා උසස් ප්‍රතිලාභ ඒ අතර වෙයි.

මිථුන
වෘත්තීය ජයග්‍රහණ රැසක්

වෘත්තීය ජයග්‍රහණ රැසක් හිමි වේ. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක් වේ. තම ආර්ථිකය ද යහපත් වනු පෙනේ. රැකියා මට්ටමේ ප්‍රතිලාභ හිමි වේ.

කටක
අධ්‍යාත්මික දියුණුව සැලසේ

ඉතා සුබ දිනකි. තම අාධ්‍යාත්මික දියුණුව ආර්ථික හා දේශපාලනික යහපත්කම් මතු වේ. සමාජ සේවා කටයුතු වැඩි දියුණු වේ. පොදු ජන ආකර්ෂණය මතු කෙරේ.

සිංහ
නීති ගැටලු

තම ජීවිතයට බාහිර බලවේග ක්‍රියාත්මක වේ. නොකළ දෙයකට චෝදනා එල්ල වනු ඇත. තම අභිවෘද්ධිය උදෙසා මහත් වෙහෙසක් දැරීමට සිදු වේ. සෙසු විරෝධතා මතු වේ.

කන්‍යා
ආර්ථිකය යහපත් වේ

සිතට සතුට ගෙන දෙන කරුණු යෙදේ. තමාගේ ජීවිතයේ වාසනාවන්ත සිදු වීමකට ඉඩ ඇත. නව ආර්ථික යහපත්කම් මතු කෙරේ. මුත්‍ර දෝෂ සැර උෂ්ණ තත්ත්වයක් මතු විය හැක.

තුලා  
අභියෝගවලට ප්‍රතිප්‍රහාර

ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් දැඩි කැපවීමක් කිරීමට සිදුවේ. තමා අභියෝගවලට නොසැලී ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී ජයග්‍රහණ හිමිවේ.

වෘශ්චික
කාර්යබහුල දිනකි

යහපත් දරු පල සහිත වේ. තමා විසින් සමාජයට පෙන්වා දුන් ආර්ථික ක්‍රමයක් අනුගමනය කිරීමෙන් බොහෝ අයට ජයග්‍රහණ හිමි වේ. රැකියාමය වාසනාව ද උදා වේ.

ධනු
වෘත්තීය ජයග්‍රහණ

ඔබේ විශේෂ දක්ෂතාවක් ඇගයුමට ලක් වේ. සාමජයේ කැපී පෙනෙන විදියේ කටයුතු සැලසේ. තම පිය පාර්ශ්වයෙන් බොහෝ ප්‍රතිලාභ හිමි වේ. වෘත්තීය ස්ථානගත ප්‍රසාදය හිමි වේ.

මකර 
උසස් මානසික මට්ටමක්

නීතිමය ගැටලුවකින් නිදහස් වීමට හැකි වේ. තම විවාහ සහකරු හෝ සහකාරිය නිසා විශාල දේපළක් හෝ නිවෙසක හිමිකමක් උදා කෙරේ. පියාගේ ව්‍යාපාර තමාට භාර ගැනීමට සිදුවේ.

කුම්භ 
වෘත්තීය වරප්‍රසාද හිමිවේ

හදිසි ධන ලාභ හා නවතා දමා තිබූ ව්‍යාපාර යළි ඇරඹුමට අවස්ථාව උදාවේ. ආගමික දැනුම හා ඒ වෙනුවෙන් ලබන සිතේ සැනසුම වැඩි වනු ඇත. වරප්‍රසාද ලැබීමට ඔබගේ වෘත්තීය රාජකාරිය තුළ හේතු වනවා ඇත.

මීන
ව්‍යාපාර කටයුතු සාර්ථක වේ

දුරස්ව සිටි අය ළංවනු ඇත. තම උසස් අධ්‍යාපන කටයුතු හෝ ව්‍යාපාර කටයුතු සාර්ථක වනු ඇත. ආර්ථික මට්ටම උසස් වේ. හදිසි ශාරීරික ආපදා සිදු වීමට පුළුවන.

සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය වේදී අජිත් ධර්මසිරි

නව අදහස දක්වන්න