Saturday, මාර්තු 18, 2023 - 01:00
රත්මලාන, කඳවල පාර ප්‍රදේශයේ අප ජලය ගලායන ප්‍රධාන ඇළ මාර්ගය බෝතල්, ප්ලාස්ටික් බූලි ඇතුළු අපද්‍රව්‍යවලින් පිරී බෝක්කු කටවල් අවහිර වී අප ජලය බැස නොගොස් එකතුවී තිබීමෙන් මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන බවට පත්වී ප්‍රදේශයම දුර්ගන්ධය හමායන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. තවද මේ දිනවල කීට විද්‍යාඥයින් විසින් සිදු කළ සමීක්ෂණවලට අනුව බරවා මදුරුවන්ද ප්‍රදේශයේ හමුවී ඇති බැවින් එම රෝගයද පැතිර යා හැකි බවත් ප්‍රදේශවාසීන් කියා සිටින අතර, කඩිනමින් එම ප්‍රදේශවල කානු පද්ධතිය සුද්ධ පවිත්‍ර කර දෙන ලෙස වගකිවයුතු ආයතනවලින් ජනතාව ඉල්ලා සිටී.
දෙහිවල - ඩී.පී. හේරත්
නව අදහස දක්වන්න