ශ්‍රී ලංකා යුරෝපා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ උප සභාපති ධුරය ඩයනාට | දිනමිණ

ශ්‍රී ලංකා යුරෝපා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ උප සභාපති ධුරය ඩයනාට

 ශ්‍රී ලංකා යුරෝපා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ උප සභාපති ධුරයට සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පත් වී තිබේ.

දිගු කලක් තිස්සේ බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල් සමූහය සමඟ මිත්‍රශීලී සබඳකම් පවත්වාගෙන යන රාජ්‍ය ඇමැතිනිය නව ධුරයට පත්වීමත් සමඟ ඍජු විදේශ ආයෝජන එම කලාපීය රටවලින් දිනා ගැනීමට ක්‍රියා කරනු ඇතැයි අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම් ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

මේ වන විටත් කටාර් සහ සිංගප්පූරුව ඇතුළු රටවල් කීපයක විදේශීය ආයෝජකයන් මෙරටට කැඳවාගෙන ඒමට නව ආයෝජන අවස්ථා වැඩි කර ගැනීමට කටයුතු කරමින් සිටින රාජ්‍ය ඇමැතිනියගේ සේවය වැඩි වශයෙන් ලබා ගැනීමට ද නව ධුරය ඉවහල් වන බව ඔහු කීය.

ශ්‍රී ලංකාව සහ යුරෝපීය රටවල් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සහ මානව අයිතිවාසිකම් සුරැකීම ඇතුළු බහුවිධි අංශ ප්‍රවර්ධනයක් ඔස්සේ ආර්ථික, සමාජයීය සංවර්ධනයක් ඇති කිරීමට රාජ්‍ය ඇමැතිනියට හැකිවන බව ද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඇය එක්සත් රාජධානියේ නීතිය සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියකි.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න