රාජ්‍ය වෙසක් උලෙළ මෙවර කැබැල්ලවෙල විහාරයේදී | දිනමිණ

රාජ්‍ය වෙසක් උලෙළ මෙවර කැබැල්ලවෙල විහාරයේදී

‘තමා තමාටම පහනක් වන්න’

'තමා තමාටම පහනක් වන්න' තේමා කරගනිමින් මෙවර (2023) රාජ්‍ය වෙසක් උත්සවය මැයි 4 දින පස්වරු 1ට හලාවත කැබැල්ලවෙල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් තිබෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසීය.

මේ උත්සවය ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධ පූර්ව සාකච්ඡාවක් පෙරේදා (16) නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ සහ ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබැල්ලවෙල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණ.

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න