ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් අපනයනකරු සහ දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings, සිය සේවක සුබසාධනය සඳහා වන කැපවීම නැවතත් අවධාරණය කරමින් ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවයේ නිරත ප්‍රජාවන්ට සහයෝගය දැක්වීම සඳහා යළිත් වරක් ඉදිරියට පැමිණ ඇත. ඉහළ උද්ධමනයට සාමූහිකව මුහුණ දීමේ අරමුණින් සමාගමේ නවතම සේවක සුභසාධන සහ ප්‍රතිලාභ වැඩසටහන් ක්‍රියාත්මක වේ.
එහි එක් පියවරක් ලෙස, MAS විශේෂයෙන් ඉහළ ගිය ජීවන වියදමට ප්‍රතිචාර දැක්වූ අතර, සියලුම සේවකයින්ට අමතර ගෙවීම් කිහිපයක් ගෙවනු ලැබීය. එය 2022 දී ඔවුන්ගේ මාසික වැටුපෙන් 125% ක් විය.
MAS විසින් පවතින ආර්ථික අර්බුදය සහ වසංගතය තුළ එහි සේවකයින් මුහුණ දෙන දුෂ්කරතා සමනය කිරීම සඳහා තවත් මුලපිරීම් රැසක් ආරම්භ කර ඇත. MAS Holdings හි මානව සම්පත් මෙහෙයුම් අධ්‍යක්ෂ, චරක ගුණවර්ධන මහතා, MAS සිය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් නඟාසිටුවීමට දායක වූ ආකාරය ඉස්මතු කළේය. ”පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ අපි අපගේ සේවක ප්‍රජාව තනි නොකර ඔවුන්ට අත්වැලක් වීමට තීරණ කළා. අපි අපගේ සේවක සුබසාධන ප්‍රතිපත්ති කඩදාසියකට පමණක් සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනවා. ඒ අනුව ඔවුන්ට සිය පවුලේ සාමාජිකයන්ට සෑහෙන තරම් ආහාර සලාක සහ දරුවන්ට අවශ්‍ය පොත්පත් ලබාදීමට කටයුතු කළා. සේවක මහත්ම මහත්මීන්ගේ මූල්‍ය යහපැවැත්ම නගාසිටුවමින් ඔවුන්ට මානසික සහනයක් ලබාදීමට නිරතුරුව අපි කටයුතු කරනවා.”
”අපි 2022 ජනවාරි මාසයේදී අපගේ සේවක වැටුප්තල ඉහළ නැංවූ අතර නැවතත් අප්‍රේල් මාසයේදී ද සේවක වැටුප්තල ඉහළ නංවන ලදි. ඉහළ යන ආර්ථික අභියෝග හමුවේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කීරීමේ අරමුණින් ඉදිරියේදී තව තවත් සහන ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම දුෂ්කර කාලය ඉක්මනින් අවසන් වනු ඇති බවට අපි විශ්වාස කරන අතර 2023 වසරේදී ද අපගේ සේවක ජනතාව වෙනුවෙන් ඉහළ සුබසාධන වැඩසටහන් හදුන්වාදෙමින් ඔවුන්ව සවිබලගැන්වීමට අපි ඇප කැප වෙනවා.” යනුවෙන් ගුණවර්ධන සඳහන් කළේය.
නව අදහස දක්වන්න