ඩැනියෙල් හෙස්ගේ නායකත්වය මඟ පෙන්වයි
බවර් සමාගමේ පාරිභෝගික ව්‍යාපාර අංශයේ ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී, ඩැනියෙල් හෙස්ගේ ලංකාවේ දැවැන්තම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක් වන A Baur & Co. (පුද්ගලික) සමාගම හෙවත් බවර් සමාගම, මෙරට ජනප්‍රිතම සහ වඩාත් විශ්වාසනීයම පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ ව්‍යාපාරය බවට පත්වීමේ අරමුණින් යුතුව තම පාරිභෝගික ව්‍යාපාර අංශය පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, තම නියෝජිතායතන ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමටත්, නිෂ්පාදන ප්‍රමාණය පුළුල් කිරීමටත්, දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය කළ හැකි විශිෂ්ට බෙදාහැරීම් ජාලයක් නිර්මාණය කිරීමටත් බවර් සමාගම අවධානය යොමුකර ඇත.
සමාගම සතුව දැනට පවත්නා සුහුරු පහසුකම් පද්ධතිය භාවිත කරමින්, සමස්ත වටිනාකම් දාම පද්ධතියේම පුළුල් ක්‍රියාකාරීත්වයක් වෙනුවෙන් බවර් සමාගම පියවර ගනිමින් සිටියි. එමෙන්ම predictive analytics සහ scenario planning ආදී නවතම තාක්ෂණික සහ කළමනාකරණ ක්‍රමෝපාය අනුගමනය කරමින් දත්ත මත පදනම්ව සිය බෙදාහැරීම් ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමට ද සමාගම සැලසුම් කර තිබේ.
මෙම සමස්ත පරිවර්තනය සඳහා නායකත්වය ලබාදෙන්නේ බවර් සමාගමේ පාරිභෝගික ව්‍යාපාර අංශයේ ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී, ඩැනියෙල් හෙස් ය.
පසුගිය මාස 6ක කාලයක් පුරා මෙරට වාසය කළ ඒ මහතා, තිරසාර නව ව්‍යාපාර වර්ධනය මෙන්ම නව දිශානතීන් කරා ව්‍යාපාර පරිවර්තනය කිරීම පිළිබඳ විශේෂඥතාවක් උසුළයි.
තම බෙදාහැරීම් ජාලය දෙගුණ කරමින්, ඉතා කෙටි කාලයකදී වෙළඳසැල් 50,000ක් කරා ව්‍යාප්ත කිරීමේ බවර් සැලසුම මේ වන විටත් ක්‍රියාවට නංවා තිබේ. තව ද, බෙදාහැරීම් නියෝජිතායතන ප්‍රමාණය දෙගුණ කිරීමත්, විශ්වාසනීය සහ ඉහළ ඉල්ලුමක් ඇති පාරිභෝගික භාණ්ඩ පිරිනමන දෙස් විදෙස් සමාගම් සමඟ ඇති සබඳතා ශක්තිමත් කරගැනීමත් බවර් සමාගමේ සෙසු ඉලක්ක අතර වේ.
නව අදහස දක්වන්න