DIMO සමාගම ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 සම්මානයට පාත්‍රවෙයි | දිනමිණ

DIMO සමාගම ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 සම්මානයට පාත්‍රවෙයි

DIMO හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ, අධ්‍යක්ෂ/ප්‍රධාන මූල්‍ය නිලධාරී සුරේෂ් ගුණරත්න, එහි සාමාන්‍යාධිකාරී - මූල්‍ය සුදත් මහගෙදර හා කළමනාකාරිනී - ගිණුම් අංශය තිළිණි ප්‍රනාන්දු යන අය අනුශූරතා සම්මානය පිළිගනිමින්.

ශ්‍රී ලංකාවේ පමුඛපෙළේ විවිධාංගීකරණයවූ සමූහ ව්‍යාපාරයක්වන DIMO, ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 හීදී සමූහ සහ විවිධාංගීකරණ කාණ්ඩ ජයග්‍රාහකයා බවට පත්වීමටත් සමස්ත අනුශූරතාව දිනාගැනීමටත් සමත්විය.

DIMO සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මෙම ජයග්‍රහණය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය."මෙම ජයග්‍රහණය අප සමාගම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක්. DIMO ආයතනය සමාජයට, පරිසරයට සහ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇතිකළ හැකි තිරසාර විසඳුම් සැපයීමෙන් සියලුම ප්‍රජාවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමට සැමවිටම කැපවී සිටිනවා."

DIMO හි 2021/2022 වාර්ෂික වාර්තාව නිරීක්ෂණය කරන ලද ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 හි විනිසුරු මඩුල්ල, තිරසාරභාවය පිළිබඳව පවතින අවශ්‍යතාවයන් හමුවේ සමාගම ඊට සරිලන ආකාරයේ ක්‍රියාවලියන් ක්‍රියාත්මකකර ඇති ආකාරය හඳුනාගන්නා ලදී. තිරසාර සංවර්ධනය පිළිබඳ වාර්තාකරණයේ නව්‍යකරණයන් ඇතිකිරීමට DIMO කටයුතුකර ඇති ආකාරය වාර්ෂික වාර්තාවෙන් දැකගත හැකි බවද ඔවුන් සඳහන් කළහ.

 

 

 

නව අදහස දක්වන්න