CDB සමාගම කුරුණෑගලට | දිනමිණ

CDB සමාගම කුරුණෑගලට

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්.සී(Citizens Development Business Finance PLC - CDB) තම ඉදිරිගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, තම පූර්ණ අයිතිය යටතේ පවතින ප්‍රාදේශීය කාර්යාලයක් පසුගියදා කුරුණෑගල ප්‍රාදේශයේදී විවෘත කළේය. ව්‍යාපාර ලෝකයේ නවතම ප්‍රවණතා අනුව, ඩ්ජිටල් තාක්ෂණය හා තිරසාරත්වය මූලික කරගත් ක්‍රමෝපායික දැක්මක් ඔස්සේ, වඩාත් විශිෂ්ට මට්ටමේ පාරිභෝගික සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම කාර්යාලය පිහිටුවා තිබේ. නවීන ගෘහ නිර්මාණ සැලසුමකට අනුව ඉදිකර ඇති මෙම ප්‍රාදේශීය කාර්යාලය, පුහුණු හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් රැසකින්ද සමන්විතය.

මෙයCDB සමාගමේ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල සේවය කරන සාමාජික සාමාජිකාවන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මකවනු ඇත.

මිනිස් ක්‍රියාකාරීත්වය සැලකිල්ලටගෙන, උපරිම ඵලදායීතාවක් අත්කර ගත හැකි ආකාරයට මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

නව අදහස දක්වන්න