2022 වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මානය දිනයි | දිනමිණ

2022 වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මානය දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා ISO 9001:2015 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය ලත් වැඩිහිටි රැකවරණ ආයතනය වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය හා ඒ ආශ්‍රිත සේවා අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ Taj Samudra හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී රෝයල් නර්සින් හෝම් සභාපති මනුජ හේවාවසම් මහතා වෙත මෙම සම්මානය පිරිනමන ලදී. මීට පෙරද රෝයල් නර්සින් හෝම් ජාතික මට්ටමේ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

රෝයල් නර්සින් හෝම් (www.royalnursinghome.com) සභාපති මනුජ හේවාවසම් මහතා ජයග්‍රහණය පිළිබඳව පැවැසුවේ ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස තම ආයතනයේ ශාඛා මෙම වසර අවසන් වීමට පෙර එංගලන්තයේ සහ කැනඩාවේ ඇරඹීමට අපේක්ෂා කරන බවත් විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජාත්‍යන්තර මට්ටමේ සේවාවක් හෘදයාංගමව සැපයීමට තම ආයතනය දරන උත්සාහය මෙම සම්මානය හරහා ඇගැයීමට ලක් වන බවත්ය. හෙද සේවිකාවන් දස දෙනෙකුගෙන් 2007දී ඇරැඹූ රෝයල් නර්සින් හෝම් සමාගම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පිරිනැමූ ගුණාත්මක පුළුල් සේවාව සහ පාරිභෝගික තෘප්තිමත්භාවය තුළින් වර්තමානයේදී 900කට වැඩි පළපුරුදු වෘත්තීය සේවක සේවිකාවන් පිරිසකගෙන් සමන්විතව රුපියල් මිලියන 3000කට වැඩි වත්කමක් සහිත මහා පරිමාණ සමාගමක් ලෙස දේශීය ආර්ථිකය නැංවීමේ කොටස්කරුවකු වී ඇත. ඩොලර් හිඟය නිසා රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සමාගම් රැසක් අවශ්‍ය වේලාවේදී නිවැරැදි තීන්දු නොගැනීමෙන් කඩා වැටුණත් තමන් ඇතුළු ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගේ සහ කළමනාකරුවන්ගේ දක්ෂතා මත ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද නොසැලී සිටීමට සිය ආයතනයට හැකි වූ බව මනුජ හේවාවසම් මහතා පැවසීය.

 

නව අදහස දක්වන්න