Saturday, මාර්තු 18, 2023 - 01:00
බොලිවුඩ් සිනමා වංශ කතාවේ සංගීතමය චිත්රපට යුගයක ඓතිහාසික ආරම්භය සටහන් කළ අභිමාන් චිත්රපටය මේ වසරේදී පනස්වැනි සංවත්සරය සමරයි. වසර 1973දී තිරගත වූ අභිමාන් චිත්රපටය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු අමිතාබ් භච්චන් සහ එවකට පෙම්වතිය වූ ඔහුගේ බිරිය ඡයා බහදුරී එක්ව රඟපෑ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බිඳ දැමූ චිත්රපටයකි. අමිතාබ් සහ ඡායා මේ චිත්රපටය තිරගත වීමෙන් මාසයකට පසු විවාහ වූ බව ද වාර්තා වේ.
ශ්රී ලංකාවේ සිනමාලෝලීන්ගේ ද ආකර්ෂණය දිනූ අභිමාන් චිත්රපටයේ ගීත අදටත් එකසේ ජනප්රියත්වයට පත්ව තිබේ.
නව අදහස දක්වන්න