උසස් නිලධාරීන්ගේ නියෝග පැහැර හැරීමේ චෝදනා මත පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් 68 දෙනකුගේ වැඩ තහනම් කිරීමට ප්‍රාන්ත පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. බලුකිස්තාන පොලිස්පති අබ්දුල් කාලික් ෂෙයික් සිය නියෝග පිළිපැදීමට අපොහොසත් වීම හේතුවෙන් වැඩ තහනම් කළ පොලිස් නිලධාරීන් අතර ඉහළ මට්ටමේ නිලධාරීන් ද සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
පොලිස් ස්ථානාධිපතිවරු, උපපොලිස් පරික්ෂකවරු, අපරාධ ඒකක බාර නිලධාරින්, සහකාර උපපොලිස් පරීක්ෂකවරු සහ තවත් පොලිස් නිලධාරින් පිරිසක් ඒ අතර සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය.
වැඩ තහනම් කළ පොලිස් නිලධාරීන්ට ක්වේටා පළාතේ පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අනිවාර්ය පුහුණුවක් ලැබීමට සිදුවනු ඇති අතර, එම කාලය තුළ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ උපදේශකවරු ලෙස සේවය කිරීමට ද සිදුවනු ඇතැයි වාර්තා වේ. තහනමට ලක් වූ නිලධාරීන්ට එරෙහිව දෙපාර්තමේන්තු මට්ටමෙන් පරීක්ෂණයක් ද පැවැත්වීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
නව අදහස දක්වන්න