මට්ටක්කුලිය සහ බ්ලූමැන්ඩල් ආශ්‍රිතව ක්‍රියාත්මක පාතාල කල්ලියක ප්‍රබල සාමාජිකයකු වන මිලාන් අංජන නොහොත් බ්ලූමැන්ඩල් පැතුම් නමැත්තාව අත්බෝම්යක් සමඟ බ්ලූමැන්ඩල් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (19) අත්අඩංගුවට ගෙන තිබේ.
බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි පැරණි කසළ කන්ද අසල දී මෙම පාතාල අපරාධකරුව අත්අඩංගුවට ගත් බව බ්ලූමැන්ඩල් පොලිසිය සඳහන් කරයි.
කොටහේන සිරිසඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙක් වන මෙම පාතාල අපරාධකරු මත්කුඩු ජාවාරමටද සම්බන්ධ වූවෙකි. මෑතක දී කොළඹ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකටම සම්බන්ධ අයෙක් වන ඔහුව පොලිස් විශේෂ කාර්ය බළකායද අත්අඩංගුවට ගෙන තිබුණි.
2015 වසරේ දී කොටහේනේ දී පැවැති මහා මැතිවරණ දේශපාලන ප්‍රචාරක රැලියක දී එල්ලවුණු වෙඩි ප්‍රහාරයකටද සම්බන්ධකම් ඇති අයෙක් වන ඔහුව එකළ පොලිසිය ගිනි අවියක් සහ හොරොයින් ග්‍රෑම් 10ක් සමඟ ද අත්අඩංගුවට ගෙන තිබුණි.
ගයාන් කුමාර වීරසිංහ
නව අදහස දක්වන්න