ලොව පුරා රටවල් 150කට වැඩි සංඛ්‍යාවක පුද්ගලයන්ගේ සමීක්ෂණ දත්ත ඇසුරින් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන වැඩසටහනක ප්‍රකාශනයක් ලෙස නිකුත් කර ඇති ලොව ප්‍රීතිමත්ම රටවල වාර්තාවකින් මේ වසරේ ලොව ප්‍රීතිමත්ම රට ලෙස ෆින්ලන්තය තෝරා ගෙන ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. ෆින්ලන්තය ලොව ප්‍රීතිමත්ම රට ලෙස පළමු තැනට පත්වූයේ අඛණ්ඩව 6 වැනි වරටය. වසර 2020 සිට 2022 දක්වා තුන්වසරක කාලය ඇතුළත සාමාන්‍ය ජන ජීවිතයේ ඇගැයීම් මත පදනම්ව ශ්‍රේණිගත කර ඇති එම රටවල් ලැයිස්තුවේ දෙවැනි තැන හිමිවී ඇත්තේ ඩෙන්මාර්කයටය. අයිස්ලන්තය තුන්වැනි ස්ථානයට පත්වී ඇති අතර, සිව්වැනි ස්ථානය ලබා ඇත්තේ ඊශ්‍රායලය වීම කැපී පෙනේ. පස්වැනි ස්ථානය නෙදර්ලන්තයට සහ සයවැනි ස්ථානය ස්වීඩනයට හිමි වී තිබේ.
නෝර්වේ රාජ්‍යය සත්වැනි ස්ථානයට පත්වී ඇති අතර, ස්විට්සර්ලන්තය අටවැනි තැනටත්, ලසම්බර්ග් නව වැනි තැනටත් පත් වී ඇත. දසවැනි තැන හිමිවී ඇත්තේ නවසීලන්තයටය.
එම ශ්‍රේණිගත කිරීමට අනුව අමෙරිකාවට 15 වැනි ස්ථානය හිමිවී ඇති අතර, බ්‍රිතාන්‍යයට හිමිවී ඇත්තේ 19 වැනි තැනය. නව ලැයිස්තුවට අනුව ප්‍රංශය 21 වැනි තැනට පත්වී ඇත.
නව අදහස දක්වන්න