ඉන්දියානු මහකොමසාරිස් නොමිලේ පෙළ පොත් වැඩසටහන නිරීක්ෂණය කරයි | දිනමිණ

ඉන්දියානු මහකොමසාරිස් නොමිලේ පෙළ පොත් වැඩසටහන නිරීක්ෂණය කරයි

2023 වර්ෂයට අදාළ පෙළපොත් මුද්‍රණය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ හා අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහත්වරු පසුගියදා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණයකට සහභාගී වූහ.

පාසල් සිසුන්ට නොමිලේ පෙළ පොත් දීම සඳහා රජය මේ වසරේදී රුපියල් මිලියන 30,000ක මුදලක් වැය කරයි. පෙළ පොත් 353ක් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් හා පෙළ පොත් වර්ග 93ක් පෞද්ගලික අංශයේ මුද්‍රණාලවල මුද්‍රණය කරයි.

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මුද්‍රණය කරන පාසල් පෙළපොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි හා අමුද්‍රව්‍ය මිලදී ගැනීමට ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ පහසුකම සලසා ඇත. ඉන්දියානු ණය ආධාර මත අමුද්‍රව්‍ය සපයා ගනිමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පෙළපොත් අවශ්‍යතාවෙන් 45% ක් සපුරාලීමට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය කරනු ලැබේ.

ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ පෙළපොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි හා අනිකුත් උපකරණ ලබා දීමෙන් ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු නිලධාරීන් දක්වන ලද අනුග්‍රහය වෙනුවෙන් ඔවුන්ට සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දියානු රජයට සිය කෘතවේදීත්වය පිරිනමන බව ද ඇමැතිවරයා මෙහි දී පැවසීය.

නව අදහස දක්වන්න