අද දවස | දිනමිණ

අද දවස

රාහු කාලය දහවල්
12.07 – 01.48 දක්වා
අලුයම 12.17 – 01.47 දක්වා

දිව්‍යමය සුබ මුහුර්ත ගමන් යාමට
උදේ 6.32ට උතුර බලා
උදේ 8.44ට උතුර බලා

ලොතරැයි මිලදී ගැනීමට උදේ 7.17ට උතුර බලා
උදේ 9.21ට උතුර බලා

පැළ සිටුවීමට
උදේ 6.55ට උතුර බලා
සවස 4.21ට උතුර බලා

මේෂ 
විවිධ පාර්ශ්වයන්ගෙන් අභියෝග

තම ජීවිතයේ සුවිශේෂී කඩඉමක් මතු කරන දිනයකි. තවත් විටෙක තමා සැලසුම් කරගෙන ආ පරිදි ව්‍යාපාරයකට මූලාරම්භයකි. එදිනෙදා ගෘහ ජීවිතයේ කටයුතු බහුල වන අතර, තමාට විවිධ පාර්ශ්වයන් වෙතින් විවිධ අභියෝග පළ කරනු ඇත.

වෘෂභ 
දරු සම්පත්

ආර්ථිකය සුබවාදී වෙයි. නි‍ෙවසේ කටයුතු පහසු කරන අන්දමේ වෙනස්කම් සිදුවේ. දරුවන් අහිමිව සිටි අයට දරු සම්පත්ද, තමාට අභියෝගාත්මක ලෙස බලපෑ සතුරු කරදර ද අවසන් වනු ඇත.

මිථුන
වෘත්තීය උසස්වීම්

රැකියා වාසනාව උදාවේ. කරගෙන ආ වෘත්තියේ උසස් වීමක්ද සහිතයි. ඔබ වෘත්තීය මට්ටමේ පාඨමාලාවකට යොමුව සිටියේ නම් එහි උසස් ප්‍රතිඵල හිමිවේ.

කටක
නි‍ෙවසේ ආගමික කටයුත්තක්

ඉතා සුබයි. පුණ්‍යවන්තයි. නිවෙසේ ආගමික කටයුත්තකට මුල්තැන ලැබෙයි. තම ජීවිතය හා සමානව සිතූ අයකු එනම් මවු පිය පාර්ශ්වයේ කෙනකුට වාසනාව උදා වීම නිසා තම ආදායම - ආර්ථිකය යහපත් වනු ඇත.

සිංහ
වියදම් ඉහළ යයි

ප්‍රවේශම් විය යුතු දිනකි. තමාගේ ආදායම් පහත වැටේ. වියදම් ඉහළ යයි. යම් කෙනකුට දී තිබූ මුදලක් තමාට අහිමි වන ලකුණු පෙනේ. රාජ්‍ය බිය, නීති ගැටලු වුවද මතු විය හැකිය. එදිනෙදා ජීවිතය කාර්යබහුලවේ.

කන්‍යා
යුග දිවියට නව අරුතක්

ඉතා සුබයි. තමා වෙනුවෙන් ඉදිරිපත් වන අයකු නිසා මූල්‍යමය ප්‍රතිලාභයක් ද සහිතයි. විවාහක අයගේ යුග දිවියට නව අරුතක් සලසමින් යහපත් දිවි පෙවෙතකට මග සැලසේ.

තුලා  
සොර සතුරු උවදුරු

පිටරට සිට ආ කෙනකු මඟින් ඔබට විදේශ ගමනකට ඉඩ සැලසේ. තවද තම ආභරණ හෝ වාහන පිළිබඳ කිසියම් බාධා කම්කටොලු උදාවේ. ඒ අනුව සොර සතුරු උවදුරු වුවද විය හැකිය. එදිනෙදා ගෘහ ජීවිතයේ විඳ දරා ගැනීමට අපොහොසත් ගැටලු මතුවේ.

වෘශ්චික
සෙසු අයගේ පිළිගැනීම

ඉතා සුබයි. නි‍ෙවසේ සතුට අභිවෘද්ධිය උදාවේ. තමාට පිටස්තර අයගෙන් සහාය හිමි වන අතර, පවත්වාගෙන ආ එදිනෙදා කටයුතුවලට යහපත් ප්‍රතිචාර උදා කර ගැනීමට හැකිවේ. තම ඥාති පාර්ශ්වයන්ගෙන් උදා වන පිළිගැනීම උසස් වනු ඇත.

ධනු
වියදමට සරිලන ලැබීම්

වාහන පල නිවාස පල හිමිවේ. උසස් ආර්ථික වාසනාව රැකියා උසස්වීම් ද පෙන්වයි. විනෝදාස්වාදයට තැන දීම තුළ යම් වියපැහැදම් තත්ත්වයක් උදා වුවද වියදමේ තරමට ඊට සරිලන ලැබීම ද මතු කෙරෙනු ඇත.

මකර  
දේපළ හිමිකම්

දේපළ ඉඩම් හිමිකම් පවතී. නව ක්‍රමෝපායන් නිසා ආර්ථිකයේ සුබවාදී වෙනසක් දක්නට ලැබේ. මවට - පියාට ගරු බුහුමන් දැක්වීමට යොමුවේ. දුර පළාතක පිරිස් තම නිවෙසට පැමිණීමෙන් කිසියම් සතුටුදායක භෝජන සංග්‍රහයක් ද සැලසුම් කෙරෙනු ඇත.

කුම්භ 
අධිෂ්ඨානයෙන් ඉදිරියට යයි

හදිසි ධන ලාභයකට හේතු වෙයි. උතුරා යන සතුට සැනසුම නිසා අධිෂ්ඨානය සහිතව ඉදිරියට යාමට හැකිවේ. එදිනෙදා කාර්යබහුලතාව නිසා සිතට වධදෙන කරුණු යෙදේ. ආදරය, ආලය හා සම්බන්ධ කටයුත්තකදී තමාට පරාජය අත්වන අන්දමේ කටයුතු සිදුවේ.

මීන 
අතමිට සරුවේ

සිතේ සතුට අභිවෘද්ධිය උදා කෙරේ. ආර්ථික දියුණුව අතමිට සරු වීමට බලපායි. විනෝදාස්වාදයට පෙලඹේ. කලක් තිස්සේ තමාගෙන් ඈත්වී සිටි පිරිසකගේ හමුවක් හා ඔබට ඒ අයගේ සහායත් හිමි වනු ඇත.

සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය වේදී අජිත් ධර්මසිරි

නව අදහස දක්වන්න