ජලනළ, උපාංග සෞඛ්‍යාරක්ෂිතව සහ ප්‍රමිතිගතව පාරිභෝගිකයාට ලබාදීම අපගේ ප්‍රධාන අරමුණයි | දිනමිණ

ජලනළ, උපාංග සෞඛ්‍යාරක්ෂිතව සහ ප්‍රමිතිගතව පාරිභෝගිකයාට ලබාදීම අපගේ ප්‍රධාන අරමුණයි

අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී මයුර රූපතුංග

ලෝක ජල දිනය 1993 වසරේ සිට සෑම වසරකම මාර්තු මස 22 වැනි දා සමරනු ලබන්නේ ජලය සුරැකීමේ වැදගත්කම පිළිබඳ ලෝකවාසී ජනතාව දැනුම්වත් කරමිනි. ලෝක ජල දිනය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ජලය හා සම්බන්ධව ඇති විවිධ ප්‍රශ්න හා ගැටලු පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කර එම ගැටලු අවම කිරීම සඳහා විසදුම් සෙවීමයි. 

ජල සම්පත මානව අයිතිවාසිකමක් වන අතර ලොව පුරා බිලියන 2.1ක ජනතාවකට පිරිසුදු ජලය නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. ලොව පුරා නාගරික ප්‍රදේශවල 80% ක් පමණ ජනතාවට බීමට පිරිසුදු ජලය නොමැත. ජල දූෂණය සහ නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම හේතුවෙන් ලොවපුරා දරුවන් 700 දෙනකු පමණ දෛනිකව මියයන ඔවුන් පෙන්වා දෙයි. මෙම තත්තවයට වර්තමානයේ අඩු වැඩි වශයෙන් ශ්‍රී ලංකාව ද මුහුණ දෙමින් සිටියි.

මෙවර 2023 වසරේ ලෝක ජල දින සැමරුම නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමු වී ඇත්තේ ජලය සහ සනීපාරක්ෂාව පිළිබඳ අර්බුදය විසඳීම සඳහා කළයුතු වෙනස්කම් වේගවත් කිරීම උදෙසා කැපවීමයි. ඒ නිමිත්තෙන් 'Accelerating Change To Slove The Water And Sanitation Crisis' ලෙස මෙවර ලෝක ජල දින තේමාව ඔවුන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ජලය භාවිතා කරන, පරිභෝජනය කරන සහ කළමනාකරණය කරන ආකාරය වෙනස් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යය බවට පත්ව තිබේ.

මෙම අගනා කර්තව්‍යය ක්‍රියාවට නැංවීමේ දී ලෝක ජල දිනය සැමරීම උදෙසා දේශීය වශයෙන් ජලය රැක ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙරට ජනතාව දැනුම්වත් කරමින් තම යුතුකම හා වගකීම ඉටුකරමින් ශ්‍රී ලංකාවේ වඩාත්ම සෞඛ්‍යාරක්ෂිත ජල නළ හා උපාංග සම්බන්ධව සම්මානයට පාත්‍ර වූ PVC සන්නාමය වන 'NATIONAL PVC' සමාගම පෙරමුණගෙන සිටියි.

එලෙස ජලනළ සහ උපාංග, KRYPTON විදුලි ස්විච, උපාංග නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී සමාගම ලෝක ජල දිනය සැමරීමට එක් වන්නේ අභිමානයෙනි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමූහයේ සාමාජිකයකු ලෙස 1984 දී ආරම්භ කරන ලද සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් සමාගම කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති කීර්තිමත් සමාගමකි.

ඒ අනුව අදට යෙදෙන ලෝක ජල දිනය සමරනුවස් 'NATIONAL PVC' සමාගම විසින් ජලය සුරැකීමේ වැදගත්කම හා ඒ සඳහා භාවිතා කළ යුතු විධිමත් විධික්‍රම මෙන්ම කල් පවතින උපාංග පිළිබඳ තම පාරිභෝගිකයින් දැනුම්වත් කරමින් අනාගත පරපුර උදෙසා අද දින ජලය සුරක්ෂිත කිරීමේ ඇති වැදගත්කම අවධාරණය කර සිටියි.

මෙම වටිනා දිනය සමරමින් Central Industries PLC හි අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු මයුර රූපතුංග මහතා ප්‍රකාශ කර සිටින්නේ, ජලය අමිල සම්පතක් බවත් ස්වභාවදහමේ මේ අගනා දායාදය අනාගත පරපුරට සංරක්ෂණය කර දීම අත්‍යවශ්‍ය වූවක්වන බවය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙලෙසිනි.

‘වර්තමානයේ ලෝකයම පිරිසුදු පානීය ජල අවශ්‍යතාවය උදෙසා අවශ්‍ය කටයුතු දියත් කරමින් සිටිනවා. ලොව පවතින ජල සම්පතින් මිනිස් පරිභෝජනය සඳහා ලබාගත හැකි පිරිසිදු ජලය ප්‍රමාණය 0.01% වැනි ඉතා අල්ප ප්‍රමාණයක්. විශේෂයෙන් ලොව පුරා පවතින ජල හිඟයට බලපා ඇති ප්‍රධාන හේතු කිහිපයක් හඳුනාගන්න පුළුවන්.

ජල උල්පත් සිඳීයාම, ජලය සංරක්ෂණයට ක්‍රියාමාර්ග නොගැනීම, ජල පරිහරණ දුර්වලතා, උස්බිම්වල සිදුකරන වන විනාශය ඇතුළු විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා. මෙය වළක්වා ගන්නට නම් අපි ජල සංරක්ෂණය, මනා ජල පරිහරණය මෙන්ම ජල දූෂණය වැළැක්වීම ඇතුළත් පුළුල් ජල කළමනාකරණ පියවරකට යා යුතු වෙනවා. 'NATIONAL PVC' ආයතනය ලෙස අපි ඒ සඳහා අවශ්‍ය සහයෝගය රටට ලබාදෙන්නට කටයුතු කර තිබෙනවා. එයට කදිම උදාහරණයක් තමයි ජල සුරක්ෂිතකරණය හා සෞඛ්‍යාරක්ෂිත බව වගේම උසස් ප්‍රමිතියෙන් යුත් අපගේ නිෂ්පාදන යොදා ගනිමින් මෙරට ග්‍රාමීය ප්‍රජාව, පුණ්‍ය ආයතන හා පාසල් වෙත අප අනුග්‍රහය දක්වමින් පිරිසුදු ජලය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.

විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානතම වෙ‍ළෙඳ නාමයක් වන අපගේ Central Industries PLC ආයතනය ආරම්භ කරනු ලැබුවේ 1984 දීයි. ඒ අනුව අපි 1985 සිට NATIONAL PVC' සහ uPVC' ජල නළ සහ උපාංග නිෂ්පාදනය කර බෙදාහරිනු ලබනවා. අපේ සියලුම නිෂ්පාදන සියයට සියයක්ම උසස්ම තත්තවයේ නිෂ්පාදන උපාංග ලෙස හඳුන්වන්න පුළුවන්. නැෂනල් පීවීසී ගත්තොත් ලංකාවේ පළමුවරට SLS සහතිකය ලබාගත් සමාගම වන්නේ මෙයයි.

ඒ අනුව 'NATIONAL PVC' 1987 දී uPVC පයිප්ප සහ උපාංග සඳහා පිළිවෙළින් ප්‍රථම වරට SLS 147 සහ PVC උපාංග සඳහා SLS 659 ප්‍රමිතීන් ද HDPE පයිප්ප සහ උපාංග ඇතුළු ජල කළමනාකරණ නිෂ්පාදන සඳහා SLS සහ WRAS UK වැනි ජාත්‍යන්තර තත්ත්ව සහතික ද ලබා ගෙන තිබෙනවා. ISO සහතිකය ලත් Central Industries PLC යනු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික සමාගමක් ලෙස හඳුන්වන්න පුළුවන්. Central Industries PLC දැක්ම වන්නේ "ඉදිකිරීම් කර්මාන්ත අංශයේ වඩාත් ප්‍රියතම සැපයුම්කරුවා වීමයි" අප සමාගම ප්‍රධාන වශයෙන් ගනුදෙනු කරන්නේ රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීය ඉදිකිරීම් කොන්ත්‍රාත් වෙළඳපොළ සමඟ යි. වෙළඳපොළට ජල කළමනාකරණ නිෂ්පාදන සැපයුම්කරුවකු ලෙස අපි අපගේ වටිනා සේවය ලබාදෙමින් පාරිභෝගිකයාට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සැපයීමේ ව්‍යාපාරයක නිරත වෙනවා. මෙම ව්‍යාපාරය තිරසර ආකාරයට සිදු කිරීම අපගේ ප්‍රධානතම අරමුණයි, " යනුවෙන් ඔහු පවසයි.

'NATIONAL PVC' ආයතනයේ නිෂ්පාදන ගැන කතා කළොත් PVC ජලනළ සහ උපාංග, ජල ටැංකි, උද්‍යාන ජලනළ ,කේබල් ට්‍රන්කින්, HDPE පයිප්ප සහ උපාංග, KRYPTON විදුලි ස්විච සහ උපාංග සහ අනෙකුත් නිෂ්පාදන ලංකාව පුරා බෙදාහරිනු ලබයි. 'NATIONAL PVC' ආයතනයේ ප්‍රධාන ශාඛාව නාවල පිහිටා ඇති අතර කෙරවලපිටිය සහ යක්කල යන ප්‍රදේශවල නිෂ්පාදන කම්හල් පවත්වාගෙන යනු ලබයි.

ඒ අනුව ජල සුරක්ෂිතතාව ඇති කිරීමේ ජාතික මෙහෙවර සඳහා නිෂ්පාදන ධාරිතාවයෙන් රජයට සහ අන්තර්ජාතික මට්ටමින් සහාය වීමට Central Industries PLC සූදානම්ය.

ඔබ ජලනළ වෙළෙඳපොළෙන් මිල දී ගැනීමේ දී 'NATIONAL PVC' ම තෝරාගත යුත්තේ, ඒවායේ ඇති සෞඛ්‍යාරක්ෂිත බව, පරිසර හිතකාමීත්වය, කල්පවත්නා බව, කාන්දුවීම්වලින් තොර ඕනෑම පරිසර තත්ත්වයක දී භාවිතා කිරීමට ඇති හැකියාව යන සුවිශේෂී ගුණාංගවලින් සමන්විත වීම නිසයි.

සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමඟ අනුබද්ධිත Central Industries සමාගම, පැවැති කොවිඩ් වසංගත තත්ත්වය සහ වර්තමානයේ උද්ගත වී ඇති ගෝලීය ආර්ථික වෙනස්වීම් හමුවේත්, ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වී ඇත්තේ කැළඹිලි සහිත අවකාශයකට වේ. එම තත්වයන්ට ශක්තිමත්ව මුහුණදෙමින් පාරිභෝක විශ්වාසනීයත්වය තහවුරු කරමින් සැමවිටම තම පාරිභෝගිකයා වෙත උසස් නිෂ්පාදන ලබාදෙමින් ධනාත්මක ගමනක නිරතවෙයි. CIPLC හි සාර්ථකත්වයට හේතු වී ඇත්තේ සෑම තරාතිරමකම සේවකයින්ගේ උනන්දුව, කැපවීම, බුද්ධිමත් ක්‍රියාකාරකම් සහ සියලුම අංශවල උද්යෝගිමත් ශ්‍රම බලකායක් සහිතවීම බව රූපතුංග මහතා සඳහන් කර සිටියි.

"අප ව්‍යාපාර ආචාර ධර්මයන්ට අනුගත වෙමින් කොටස්කරුවන් හට ඉහල වටිනාකමක් ලබා දිම සදහා දිගු කාලීන උපාය නිර්මාණය කිරිමට සැම විටම උත්සහ කරන්නෙමු. තවද නිෂ්පාදන සුලභත්වය වර්ධනය කිරිම සදහා අපගේ නිෂ්පාදන ජාලය ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරිමට ද සැලසුම් කර ඇත". යනුවෙන් ප්‍රකාශ කළේය.

තුෂාරි නේරංජා වික්‍රමසිංහ

නව අදහස දක්වන්න