සබරගමුව පළාතේ ප්‍රසිද්ධ කෑගලු විද්‍යාලය සහ සාන්ත මරියා විදුහල් අතර 41 වැනි “රන් මහ සටන” හෙට (24) සහ අනිද්දා (25) දෙදින කෑගල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දශක 4කට වැඩි කාලයක් මහා ක්‍රිකට් තරග ප්‍රමාණයක් පවත්වා අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන මේ විදුහල් දෙකෙහිම අරමුණ මෙවර තරගය ජයග්‍රාහීව නිම කිරීමටය. ඒ අනුව පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම තුන්ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙකක් මෙවර රන් මහ සටනට සූදානම් වී සිටී.
කෑගලු විද්‍යාලයේ විදුහල්පති එන්.ඒ.ඩී.ආර්. හේමන්ත සහ සාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.පී.ජී. කරුණාරුවන් මහත්වරුන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත තරගය සංවිධාන කර ඇත.
කෑගලු විද්‍යාලීය කණ්ඩායමේ නායකත්වය කවිදු ප්‍රකාශ් දරන අතර, සාන්ත මරියා කණ්ඩායමේ නායකත්වය නවීන් තේමියට හිමි වී තිබේ. කෑගලු විද්‍යාලීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස සුප්රි වාහිද් කටයුතු කරන අතර, සාන්ත මරියා කණ්ඩායමේ පුහුණුකරු වනුයේ සුභාශිත ඒකනායකය. එම කණ්ඩායමේ ක්‍රිකට් භාර ආචාර්ය ලෙස එමරික් සිරිනාම කටයුතු කරන අතර, කෑගලු විද්‍යාලයීය ක්‍රිකට් භාර ආචාරිනිය ලෙස දමයන්ති අබේසිංහ කටයුතු කරයි.
ජයසිරි මුණසිංහ
නව අදහස දක්වන්න