පැරිස් මැරතන් තරගයේ ජය යාපනයේ 42 හැවිරිදි තිදරු මවකට | දිනමිණ

පැරිස් මැරතන් තරගයේ ජය යාපනයේ 42 හැවිරිදි තිදරු මවකට

පරිසර දූෂණය හා ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන හානි පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පැරිස් නගරයේදී සංවිධාන කළ කිලෝ මීටර් දහයක් දුර මැරතන් ධාවන තරගය ජය ගැනීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත් වූවාය. යාපනයේ සිට පැරීසියට ගොස් සිටින දෙමළ කාන්තාවක් වන ප්‍රවීනා නිමලී මේ ජයග්‍රහණය අත්කර ගත්තාය. එම තරගයට පැරීසියේ පදිංචි කාන්තාවන් 300ක් සහභාගී වූ අතර, 42 හැවිරිදි තිදරු මවක වන ප්‍රවීනා තරගය ජය ගනිමින් විශේෂ ත්‍යාගයක් සහ රන් පදක්කමක් හිමිකර ගත්තාය. පැරිස් නගර මධ්‍යයෙන් ආරම්භ වූ මේ මැරතන් ධාවන තරගය පැරීසියේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයේදී අවසන් විය.

මේ මැරතන් ධාවන තරගය අතරතුර පැරිස් නගරවාසීන් 20000 කට අධික පිරිසක් පරිසර දූෂණය හා ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන හානි පිළිබඳ අවබෝධයක් හා අධ්‍යාපනයක් ලබා දීමට තරග සංවිධායකවරු පසුව කටයුතු කොට ඇත.

රසුල දිල්හාර ගමගේ උතුරු පළාත් විශේෂ

 

නව අදහස දක්වන්න