රට යථා තත්ත්වයට පත්කිරීමට ජනපතිට විපක්ෂය සහය දිය යුතුයි | දිනමිණ

රට යථා තත්ත්වයට පත්කිරීමට ජනපතිට විපක්ෂය සහය දිය යුතුයි

සජබ මන්ත්‍රී කුමාර වෙල්ගම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹී යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන් සම්පූර්ණ සහාය ලබාදෙන බව සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැසීය.

එම ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමා හදවතින්ම සතුටු වන බවත් ඒ සඳහා සියලු දෙනාගේම සහාය ලබාදිය යුතු බවත් හෙතෙම කීවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹී යෝජනා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැඟී සිටි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ණය මුදල ගැනීමට නොහැකි බවට විපක්ෂය ඇතුළු බොහෝ අය ප්‍රකාශ කළ බවත් එහෙත් ලැබූ ජයග්‍රහණය ගැන විපක්ෂය හැටියට අපි සියලු දෙනා ද සතුටු විය යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න